ජනබල මෙහෙයුමෙන් කොළඹ නගරය අක්‍රීය කළ ආකාරයට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇති කිරීම මීළග පියවර බව පාර්ලිමේන්තු ම...
ජනබල මෙහෙයුමෙන් කොළඹ නගරය අක්‍රීය කළ ආකාරයට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇති කිරීම මීළග පියවර බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ ඊයේ (11) පෙරවරුවේ කොළඹ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"කොළඹ නගරයේ පැය කීපයකට පවත්වන විරෝධයකින් කොහොමද ආණ්ඩුවක් පලවා හරින්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එක්කෝ මේ අධික උද්යෝගය නිසා කිව්ව දෙයක්. ආණ්ඩු විරෝධී ජනයා වඩාත් උනන්දු කරවීමට කිව්ව දෙයක්. එහෙම නැත්තම් මේ අපේ විරෝධතාවය බාල්දු කිරීමට කරපු ප්‍රකාශයක්. ඒ විරෝධය එක්තරා විදියක පෙරහුරුවක්. අපි කොළඹ නගරය අක්‍රිය කළා, ඒ විදියටමැ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පියවර හැටියට මහා වැඩ වර්ජනයක් සහිත ලංකාව පුරා විහිදුණු ජන විරෝධයක්. රට අකර්මන්‍ය කිරීමෙන් තමයි ආණ්ඩුව පෙරලෙන්නේ. ආණ්ඩුව වැටීමත් එක්ක තමයි අපි මේ රටේ අලුත් ආරම්භයක් ගන්නේ. රටේ වැටෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මොන එකකද සංවිධාන දුර්වලකම් නැත්තේ? මොකක්ද අපි කරපු වැඩවල අඩුපාඩුවක් වුණේ? බීපු අය කොහෙද නැත්තේ? මේ ආපු අය ඔක්කොම බීලද හිටියේ?"
COMMENTS