දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ ආනයනය ඉදිරි වසර තුල දී අඩු කරන බව සුව ඇමැති කියයි.
Homeගොසිප්

ඖෂධ ආනයනය ඉදිරි වසර තුල දී අඩු කරන බව සුව ඇමැති කියයි.

PropellerAds

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සංවිධානය කළ මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සවය - 2018 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජි...

තීන්දුවෙන් පසු රනිල්ගෙන් ජනපතිට දැනෙන්න ට්විටර් පණිවිඩයක්
පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට ඔබ...??
ශ්‍රේෂ්ඨාධිකරණය අවට තීන්දුවට පෙර ඡායාරූප

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සංවිධානය කළ මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සවය - 2018 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (10) පස්වරුවේ පැවැත්විනි. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සේනක බිබිලේ මහතාගේ ඡායාරූපයට මල් මාලයක් දමා උපහාර පිදීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවෙක් ලෙස මා සිටින විට මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධවේදය පිළිබදව ඉගැන්වීම් කටයුතු සිදු කළා. ඖෂධවේදයට අමතරව දේශපාලනය පිළිබදවත් කථා කළා. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයායි. සභාපතිධූරයෙන් ඉවත්වීමට ප්‍රථම ඩිස්ප්‍රීන් පෙත්ත නැති කරන බව ඔහු ප්‍රකාශ කළා. ඒ කාලයේ ඩිස්ප්‍රීන් පෙත්තක මිල සත 12 යි. ඇස්ප්‍රීන් පෙත්තක මිල සත 02 යි. ඩිස්ප්‍රීන් පෙත්ත ඇළුමිනියම් කවරයකින් ආවරණය කර තිබීම නිසා තමයි එයට වැඩි මුදලක් අය කළේ. මහාචාර්ය සේනක බිබිලේ මහතා කොළඹ සිට ඇවිත් අපට ඖෂධවේදය පිළීබදව අධ්‍යයන කටයුතු සිදු කළා. සමගි පෙරමුණ රජය සමයේ ඖෂධ ප්‍රතිපත්තිය සකස් කළේ මහාචාර්ය සේනක බිබිලේ මහතා සහ දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතායි. මාක්ස්වාදීන් සමගි පෙරමුණු රජයකට එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඖෂධ ප්‍රතිපත්තිය සකස් කරමින් මහාචාර්ය සේනක බිබිලේ මහතා කරුණු 03 ක් ඉටු කළ යුතු බව ප්‍රකාශ කළා. අත්‍යාවශ්‍ය ඖෂධ මිල නියාමනය කිරීම, ඖෂධ ආනයනය සහ බෙදාහැරීම රජය සතුවීම, අත්‍යාවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම යන්න එම කරුණූ 03 යි. මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ මිල නියාමනය කිරීම සහ අත්‍යාවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම මහාචාර්ය සේනක බිබිලේ මහතාට සිදු කිරීමට නොහැකි වුවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර ඖෂධ බෙදාහැරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී බිබිලේ මහතාටත් බලපෑම් එල්ල වුනා. එම බලපෑම් බිද දමමින් ගමන ඉදිරියට ගියා.”

“සෑම සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ම වසර 45 ක් පුරා සේනක බිබිලේ ගුණ සමරු උත්සව පැවැත්වූවා. සාම්ප්‍රදායිකව බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය අගය කළා. නමුත් වසර 45 ක් යන තුරු මෙම යුග පුරුෂයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කාටවත් බැරි වුනා. ප්‍රතිපත්තිය ගැන වසර 45 ක් කථා කිරීම පමණයි සිදු වූයේ. ඇතැම් විට මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ නම් බිබිලේ මහතාගේ නාමය අනාගත දරුවන් දන්නේ නැති වෙන්නත් ඉඩ තිබුනා. බිබිලේ මහතාගෙන් පසු බාලසුබ්‍රමිනියන්, මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන් ද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. 2015 වසරේ මම බලයට පැමිණ තමයි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ. සේනක බිබිලේ මහතාගේ ගෝලයෙක් ලෙස මම මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. මටත් බලපෑම් එල්ල වුනා. ඖෂධ මිල අඩු කිරීමට ක්‍රියාකල අය අකාලයේ මිය ගිය බව ඇතැමුන් ප්‍රකාශ කළා. ආයුධ වෙළෙදාම වගේ ඖෂධ වෙළෙදාමත් මාෆියාවක්. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ඇතැමුන් මට ප්‍රකාශ කළා වෙළෙද පොලේ හිගය ඇති කරලා මගේ දේශපාලන ගමන විනාශ කරන්න පුළුවන් කියලා. නමුත් කිසිවක් නොදන්නා අය කිවුවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියලා. මම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධූරයට මහාචාර්ය අසිත ද සිල්වා පත් කළා. ඊට පෙර හිටපු නිලධාරීන්ට මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කළත් ඔවුන් ව්‍යුහසූත්‍ර හැදුවා. මට මහාචාර්යවරුන්ගේ සූත්‍ර වැඩක් නැහැ. ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තිබුනා. මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය ද සහයෝගය ලබාදුන්නා. අයි.එම්.එස් දත්ත භාවිත කරමින් මිල නියාමනය සිදු කළා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමත් සමග යුරෝපා සංගමයේ තානාපතිවරු මට බලපෑම් එල්ල කළා. අග්‍රාමාත්‍යවරයා හමු වුනා. ඔවුන් සමග තර්ත විතර්ක කළා. නමුත් අවසානයේ ඔවුන් පිළීගත්තා මිල නියාමනය යථාර්තවාදී ලෙස සිදු කර ඇති බව. එක්තරා ඖෂධ නිෂ්පාදන සමාගමක් තම ඖෂධය රුපියල් 1 සත 30 දක්වා අඩු කිරිම තුල විරෝධය පළ කලා. ඒ වන විටත් වසරකට එම ඖෂධ පෙති මිලියන 27 ක් ලංකාවේ අලෙවි වුනා. දේශීය වෙළෙදාමෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා. නමුත් මම නිවේදනයක් නිකුත් කළා එම ඖෂධයේ නියම නිෂ්පාදන මිල මගේ ලග තිබෙනවා එය රටට හෙළී කරන බව. නමුත් අවසානයේ එම සමාගම පැවැසුවා ඖෂධ මිල පාලනය පිළිගන්නා බව. ප්‍රසිද්ධ ඖෂධ සමාගම් දෙකක් වෙළෙදපොලේ හිගයක් ඇති කරන්න සුදානම් වුනා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්වලට දැනුම් දුන්නා එම ඖෂධ අලෙවිය ලබාදෙන්න කියලා. එවිට එම නිෂ්පාදන සමාගම් ලංකාවේ සමාගම් වලට මේ බව දැනුම් දුන් පසු මාගේ ඖෂධ මිල නියාමනය සිදු කිරීමට ඔවුන් තීරණය කළා. එක්තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක කතු වැකියක සදහන් වුනා ගුණාත්මක ඖෂධ ශ්‍රී ලංකාවෙන් තුරන් වන බව. එම පුවත්පත දුම්කොළ සමාගම් වෙනුවෙන් ද කථා කළා. නමුත් දේශීය වෙළෙදපොලේ ගුණාත්මක ඖෂධ මේ වන විටත් අලෙවි වනවා.”

“මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිබෙනවා. එමගින් වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 473 ක මිල අඩු වුනා. වෛද්‍ය විගණනයකට අනුව පසුගිය වසර වල දී ඖෂධ අලෙවිය ඉතා වැඩි වී තිබෙනවා. වෛද්‍යවරුන් නිර්දේශ කරන සියලුම ඖෂධ භාවිත කිරීමට රෝගීන් පුරුදු වී සිටිනවා. එම නිසා ඖෂධ පරිභෝජනය වැඩි වී තිබෙනවා. නිසි පරිදි ඖෂධ භාවිත කරනවා. ගුණාත්මක ඖෂධ භාවිතයත් වැඩි වී තිබෙනවා. 2016 වසරේ මිලියන 27 ක් වූ පැරසිටමෝල් අලෙවිය මේ වනවිට මිලියන 57 දක්වා වැඩි වී තිබෙනවා. ගුණාත්මක ඖෂධ නැති වුනේ නැහැ. ගුණාත්මක ඖෂධ රෝගීන් නිසි පරිදි ලබාගැනීම නිසා ඇති වූ ප්‍රතිලාභය බිලියන 4.4 ක්. ඖෂධ භාවිත කරන අයට එම ප්‍රතිලාභය ලැබි තිබෙනවා. රෝගී තත්ත්වයන්ගේ අඩු වීමේ දත්ත ඉදිරි වසර 02 තුල දී දක්නට ලැබෙයි. ඇතැම් ඖෂධ සියයට 70 කින් පමණ අඩු කර තිබෙනවා. ඖෂධ මිල අඩු කළත් ඇතැම් ඖෂධ සමාගම් සියයට 40 ක බෝනස් තවමත් ලබාදෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ආදායම 2017 වසරේ දී බිලියන 32 ක් වුනා. මෙවැනි පඩු නොලබන ආයතන අපි ස්ථාපිත කළ යුතුයි. ලාභ ලැබීම නිසා සේවක වැටුප සියයට 50 කින් ඉහළ නැංවූවා. මෙරට ඖෂධ නිෂ්පාදනය ද ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේයි. ඒ 1986 වසරේ දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ආරම්භ කරමින්. එම සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය බිලියන 2 සිට 04 දක්වා වැඩි කිරීමට මම පියවර ගන්නවා. නව කර්මාන්ත ශාලාවක් ලබන මාසයේ දී විවෘත කරනවා. මෙරට දී ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙනවා. මේ වන විට කර්මාන්ත ශාලා 03 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, තවත් මාස 02 කින් කර්මාන්ත ශාලා 02 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. ලබන වසර වන විට කර්මාන්ත ශාලා 05 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එම කර්මාන්ත ශාලා වලින් ලබාදෙන ඖෂධ පාලන මිලටත් වඩා අඩුවීම අගය කළ යුතු කරුණක්. ඖෂ්‍ය මාෆියාවේ තරම එමගින් පැහැදිලි වනවා. නිෂ්පාදන ධාරිතාවය මත එම ඖෂධ රජයට සපයන අතර, ඉතිරිය වෙළෙදපොලට නිකුත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි වසර තුල ඖෂධ ආනයනය අඩු කිරිමට පියවර ගන්නවා. ඖෂධ වාණිජ මණ්ඩලයේ සාමාජිකයින්ටත් මම ප්‍රකාශ කළා 2019 වසර වන විට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරන්න කියලා. ඖෂධ ආනයනය නතර කළ විට විශාල මුදලක් අපට ඉතිරි වෙනවා.”

“රජයේ රෝහල්වල ඖෂධ හිගයක් දන්නට ලැබෙන්නේ නැහැ.  යහපාලන ප්‍රතිපත්ති මත ප්‍රචාරක කටයුතු නතර කළා. අපේ අමාත්‍ය මණ්ඩලයේත් ඉන්නේ පසේ බුදුවරු. ධර්මය දේශනා කරන්න දන්නේ නැහැ. පසුගිය සිකුරාදා (07) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල විවාදයක් පැවැත්වුනා. එහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා රාජිත අපේ අංක 01 ප්‍රතිවාදියා වුවත්, සෞඛ්‍ය සේවාවට සිදු කළ සේවාව නිසා ගරු කරන බව කියා සිටියා. සැප්තැම්බර් මස 01 දා සිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 13 ක, පිළිකා ඖෂධ 10 ක සහ උපකරණ 02 ක මිල අඩු කළා. වෙළෙදපොලේ ගැටලුවක් මෙතෙක් ඇති වී නැහැ. පිළිකා ඖෂධයක් වන ටැබ්සුමාබ් එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය මිල දී ගෙන ඇත්තේ රුපියල් දෙලක්ෂ අසූදාහසකටයි. එක ඖෂධයයි එක වෙළෙදනාමයයි. වෙනත් ඖෂධ ලියාපදිංචි කිරීමට ඉඩ ලබාදෙන්නේ නැහැ. පිළිකා ඖෂධ වලින් සියයට 95 ක්ම රජයේ රෝහල්වලින් සපයනවා. ටැබ්සුමාබ් ඖෂධය වෙනුවට වෙනත් ඖෂධයක් හදුන්වා දුන්නා. ඊට විරෝධතා එල්ල වුනා. වසර 03 ක් ගත වූවත් මෙතෙක් අතුරු ආබාධ පිළිබද වාර්තා වී නැහැ. එම ඖෂධයට එරෙහිව පිළිකා රෝග වෛද්‍යවරුන් ද සටන ආරම්භ කළා. මහාචාර්ය අසිත ද සිල්වා මහතා එම ඖෂධයේ වැදගත්කම වෛද්‍යවරුන්ට පෙන්වා දුන්වා. අද වන විට එම ඖෂධය රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු කර තිබෙනවා. පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාව ලක්ෂ 15 න් ඉවත් කළා. ස්ටෙන්ස් අක්ෂි කාච නොමිලේ ලබාදුන්නා. සැප්තැම්බර් මස පිළිකා ඖෂධ අඩු කිරිමට අනුව ටැබ්සුමාබ් ඖෂධය රුපියල් 95,000 දක්වා අඩු කර තිබෙනවා. පිළිකා ඖෂධ ආනයනය සදහා රජය වාර්ෂිකව රුපියල් බිලියන 07 ක් වැය කරනවා. අඩුකළ පිළිකා ඖෂධ 10 පමණක් ආනයනය කිරීම සදහා බිලියන 04 ක් පමණ වැය වනවා. ඖෂධ මිල අඩු කිරිම නිසා රුපියල් බිලියන 02 ක පමණ මුදලක් රජයට ඉතිරි වෙනවා. වයසක පුද්ගලයින්ගේ ඉල්ලීම මත ඉන්සියුලීන් අඩු කර තිබෙනවා. රුපියල් 350,000 කට අලෙවි වූ ස්ටෙන්ස් එකක මිල රුපියක් එක්ලක්ෂ පන්දහස දක්වා අඩු කර තිබෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනය කර තිබෙන අක්ෂි කාච ලංකාවට ගෙන එනවා. දුප්පත් කියා දෙවන පන්තියේ උපකරණ ඇගට බද්ධ කරන්න එපා කියලා මම උපදෙස් ලබා දී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව මෙතෙක් තිබුනේ එහෙමයි. පසුගිය රජය රුපියල් සත වලින් තමයි සෞඛ්‍ය සේවාව මැන බැලුවේ. ජනතාව ගැන සොයා බැලුවේ නැහැත නිදහස් සෞඛ්‍ය සේවාව කියා සමාගම් වලට මුදල් ලබාදුන්නා. ප්‍රතිකාර සීමාව ඉවත් කිරීම නිසා පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ හාරසිය පනහ ඉක්මවා යන අයුරින් ප්‍රතිකාර වියදමි දරා තිබෙනවා. අක්ෂි කාච සදහා පෝලිම ඉතා වැඩියි. පළමු අදියරේ දී කාච ලක්ෂයක් ආනයනය කළත් කඩිනමින් සැත්කම් සිදු කිරිම නිසා අවසන් වුනා.”

“ඇතැම් අය ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක් කියලා. ධනපති පක්ෂය තමයි මෙම සමාජ සේවා සිදු කරන්නේ. උත්තරීතර පක්ෂ දැන් කොහෙවත් නැහැ. එවැනි පක්ෂ විනාශ වුනා. අපි තරුණ කාලයේ උත්තරීතර පක්ෂ පිළිබද සිහින මවාගෙන සිටියා. දේශපාලන සටන් පාඨ වල තමයි රැදි සිටියේ. ඒවා ජනතාවට වටින්නේ නැහැ. ජනතාවට සේවය කළ යුතුයි. මම බිබිලේ මහතාට ගරු කරන්නේ එම නිසයි. හරි හෝ වැරදුනා හෝ සේවය ඉටු කළ යුතුයි. විවේචන කළාට වැඩක් නැහැ. නිවැරදි දේ කළ යුතුයි. 1970 දී සේනක බිබිලේ මහතා මෙරට සිටි යුග පුරුෂයෙක්. නූතන යුගයේ වීර නාමාවලියක් සකස් කරන්නේ නම් බිබිලේ මහතාගේ නමත් එකතු කළ යුතුයි. මෙම ඖෂධ ප්‍රතිපත්තිය ලෝකයම පිළීගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත්තා. මේ පිළිබදව ලංකාවේ අය හොද කියන්නේ නැහැ. හොදක් කළොත් බැනුම් අහන්න තමයි සිදු වන්නේ. බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සගරාව, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අගය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධයක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ලොව හොදම සෞඛ්‍ය සේවාව ඇත්තේ ශ්‍රී ලංකාවේ බව. එම නිසා ඔවුන්ගේ 70 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වූවා. අපට ආත්ම ශක්තිය ලැබුනේ සේනක බිබිලේ මහතාගේ න්‍යාය දර්මය තුලින්.බිබිලේ මහතාගේ බිරිද පවා මේ පිළිබදව සතුටු වෙනවා. නැවැත සේනක බිබිලේ ප්‍රතිපත්තිය ලංකාව තුල ක්‍රියාත්මක කිරිම පිළිබදව. ලංකාව ලෝක බුද්ධිමතුන් බිහි කළ යුතුයි.”

මෙහිදී විශ්ව විද්‍යාල 04 ක ඖෂධවේදය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිවු දෙනෙකුට සේනක බිබිලේ ශිෂ්‍යත්වය ද පිරිනමන ලදි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වසර 20,25 සහ 30 ඉක්මවා සේවය කරන සේවක සේවිකාවන් අගයා මුදල් සහ රන් පවුම් පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය. ඖෂධ මිල අඩු කරමින් ජනතාවට සෙත සැලසීම අගය කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම්, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ ආනයනය ඉදිරි වසර තුල දී අඩු කරන බව සුව ඇමැති කියයි.
ඖෂධ ආනයනය ඉදිරි වසර තුල දී අඩු කරන බව සුව ඇමැති කියයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNZhvEMUWZygj7Ru3aWBbhLRwLHBT73q77gDmWDSPKdw6ycCuCOuyDBzsbBUOcx_hgNNHUNZnQXlokq0yCYG8AGY587Jok2rpVJtKezr1qnIXlDznpauPImdiypOwclxlmHGNtXPc_Tpi1/s1600/41396882_10156163238914130_3331624655701147648_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNZhvEMUWZygj7Ru3aWBbhLRwLHBT73q77gDmWDSPKdw6ycCuCOuyDBzsbBUOcx_hgNNHUNZnQXlokq0yCYG8AGY587Jok2rpVJtKezr1qnIXlDznpauPImdiypOwclxlmHGNtXPc_Tpi1/s72-c/41396882_10156163238914130_3331624655701147648_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_530.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_530.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy