ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පවුල් අතර හමුවේදී ඥාතීන් විසින් ඔවුන්ට ගෙන එනු ලබන කෑම බීම සීමා කිරීමට බ...
ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පවුල් අතර හමුවේදී ඥාතීන් විසින් ඔවුන්ට ගෙන එනු ලබන කෑම බීම සීමා කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය ගෙන ඇති තීරණය නිසා රැඳවියන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි සිරකරුවන් සුරැකීමේ කමිටුවේ ලේකම් සුරේෂ් නන්දිමාල් මහතා පවසයි.
අදට (12 ) යෙදී ඇති සිරකරු සුබසාධන දිනයේදී රැදවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන් රැගෙන එන කෑම,බීම සහ අනෙකුත් භාණ්ඩ සීමා කිරීමට බන්ධනාගාර පලනාධිකාරිය විසින් ගනු ලැබු තීරණය අසාධාරණ තීරණයක් යැයි පවසමින් සිරකරුවන් සුරැකීමේ කමිටුව බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියට ලිඛිතව පැමිණිල්ලක්ද කර තිබේ.
බන්ධනාගාර අධිකාරය ගත් මෙම තීරණයත් සමඟ සිරකරුවන් අතර යම් නොසන්සුන්තාවක් හට ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS