ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “ඕරා” හි විදුලි ඕගන වාදන ශිල්පියා ලෙස කටයුතු කළ ගිහාන් රත්නායකගේ මරණය සැක සහිත බව මේවන විට මාධ්‍ය වාර්තා කර...
ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “ඕරා” හි විදුලි ඕගන වාදන ශිල්පියා ලෙස කටයුතු කළ ගිහාන් රත්නායකගේ මරණය සැක සහිත බව මේවන විට මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් මේවන විට සැක දෙකක් පලවී ඇති බව වාර්තා වේ. ගිහාන්ගෙන් මුදල් ගත් අයකු ඔහුව මරාදමන්නට ඇති බව ඉන් එකක් වන අතර අනෙක වන්නේ ඔහු අධික ලෙස ණයවීම නිසා සිය මවට මුහුණදීමට නොහැකිව සිය දිවි නසිගත්තාද යන සැකයයි.
මේ අතර, ගිහාන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන ඔහුට තර්ජනය කළ බවට ගිහාන් විසින්ම සිය ෆේස්බුක් ගිණුමේ පලකළ වීඩියෝවක් හේතුවෙන් එම වීඩියෝවෙ සිටින ඉමාෂ කැබ් ආයතනයේ බුද්ධික ලක්ෂාන් සිල්වා නැමැත්තා කෙරෙහි ද සැකයක් මතුව ඇත.
මේ සම්බන්ධයෙන් බුද්ධික ලක්ෂාන්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගිහාන්ගේ මෘතදේහය මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර ඇති බව මේ අතර වාර්තා වේ.
මියයනවිට 32 හැවිරිදි වියේ පසුවූ ගිහාන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගම්පහ - ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසිය ලද තොරතුරකට අනුවපෙරේදා රාත්‍රියේ විදුලි ඕගන වාදන ශිල්පි ගිහාන් රත්නායකගේ මෘත දේහය සොයාගෙන තිබිණි.
ගිහාන් විසින් සිය ෆෙස්බුක් පිටුවේ අදාළ වීඩියෝව පල කළ පසු එම වීඩියෝවේ සිටින අය තමාට ද මුදල් ලබා දීමට තිබෙන බව ජනප්‍රිය නිළියක වන රොෂානා ඔන්ඩාච්ඡි ද ප්‍රතිචාර දක්වමින් දමා තිබිණි.
ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලක ලදු පතක්ද පහත පලකර තිබේ.
(SLM)
COMMENTS