දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දිගටම අගමැති මම' - රනිල් : ජනාධිපති හා නීතිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්.
Homeගොසිප්

'දිගටම අගමැති මම' - රනිල් : ජනාධිපති හා නීතිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්.

PropellerAds

ව්‍යවස්ථානුකූලව තමා තවදුරටත් ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී. අද(16) පස්වරුවේ අ...

කැබිනට් සංශෝධනයේ පුටු මාරුව මෙහෙමයි : Exclusive
කීත් නොයාර් ප්‍රහාරය ගැන ලලිත් අලහකෝන්ගෙන් ගෙන් ප්‍රබල සාක්ෂියක්.
රනිල් ඉවත් කිරීම : ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි.


ව්‍යවස්ථානුකූලව තමා තවදුරටත් ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

අද(16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පවතින නීතිරීතිවලට අනුව අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇතැයි තමා නොසිතන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

සභාක රජයක ගැටීම් සාමාන්‍යයි

සභාක රජයක් තුළ ගැටීම් ඇති වීම සාමාන්‍ය දෙයක් බවත්, එවැනි තත්ත්වයක් පවත්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල තමා පිළිගන්නා බවත් එය ආණ්ඩුවේ ඉන්න පක්ෂයන්ගේ පසුබෑමක් බවත් පැවසු අගමැතිවරයා රටේ ආර්ථිකය, ස්වභාවික හේතුමත කඩා වැටීම මෙම ප්‍රතිඵලයන්ට මුලික හේතුවක් වන බව ද සඳහන් කළේය.

2015 ජනවාරි මාසයේ ලබා දුන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වු බවත් ඒ තුළින් ඡන්ද දායකයින් අනතුරු අඟවා ඇති බව ද අගමැතිවරයා පැවසීය.

මට මහින්ද එක්ක විශේෂ සම්බන්ධකම් නෑ

තමන්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සම්බන්ධතාවයක් නොමැති බවත් ඔහු පැවැසීය.

අගමැති ඉවත්කළ හැකි ද - ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ.

ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ (46) (2) වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැක්කේ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ, තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් යනුවෙන් සටහන් වීම නිසාය.

එසේම එහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.” යනුවෙන්ද වේ.

අදාළ, කොටස පහත දැක්වේ.



වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක්ද නැතිනම් 6ක්ද යන්න පිළිබඳවද පසුගිය කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසනු ලැබීය.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් ජනපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව තීරණය කළේය.

19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවූයේ මන්ත්‍රීවරු 212කගේ ඡන්දයෙනි. ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සභා ගැබෙහි නොසිටි අතර එක් මන්ත්‍රීවරුයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී ඇත.

ජනාධිපති හා නීතිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්

මේ අවස්ථාව වනවිට ජනාධිපති නීතීඥ, නීතිපති ජයන්ත ජයසූරිය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

එහිදී උද්ගත ව ඇති දේශපාලන තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයන් පවසන්නේ 19 වන ආ.ක්‍ර. ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැති ඉල්ලා අස්වුවහොත් මිස එකී තනතුර පුරප්පාඩු නොවන බවයි. යම් හෙයකින් වෙනත් පුද්ගලයෙක් පත් කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවට අනනුකූල බව හෙවත් පටහැණි බව ඔවුහු පෙන්වා දෙති.

ජනපතිට බැරි බව ප්‍රතිභා කියයි !

මේ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍යට පවසා ඇත්තේ ද, ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි බවයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය සිදුකිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කියා සිටින ඔහු අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා නොවන අවස්ථාවක එසේ ඉවත්කිරීමක් දැන් සිදු කළ නොහැකි යැයි ද අවධාරණය කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දිගටම අගමැති මම' - රනිල් : ජනාධිපති හා නීතිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්.
'දිගටම අගමැති මම' - රනිල් : ජනාධිපති හා නීතිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhenPbNhvq1ZFksDmCl0YeipNzNgx7bAIIYi8C2RmjGN6VuFOXB2b-gU057gpvycaB4gdjVN1_iLoU9VRebcDTdCeMG2kaoxN_h2Br2CwnrL5Sq74Sg8hy6LsegIeXO-LAmnWauesAL1ug2/s320/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhenPbNhvq1ZFksDmCl0YeipNzNgx7bAIIYi8C2RmjGN6VuFOXB2b-gU057gpvycaB4gdjVN1_iLoU9VRebcDTdCeMG2kaoxN_h2Br2CwnrL5Sq74Sg8hy6LsegIeXO-LAmnWauesAL1ug2/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_677.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_677.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy