මොනරාගල තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කරුවකු සහ ඔහුගේ ගෝලයන් පස් දෙනෙකු පානදුර කැලිඩෝ වෙරළ තිරයේ සිටි පානදුර කොට්ඨාශ දුෂණ මර...
මොනරාගල තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කරුවකු සහ ඔහුගේ ගෝලයන් පස් දෙනෙකු පානදුර කැලිඩෝ වෙරළ තිරයේ සිටි පානදුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
කළුතරදී කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදීමකින් බව පොලීසිය පවසයි.
අද (21) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර එසේ අත්අඩංගුවට පත්වූයේ පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
මෙම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි වැටහීමකින් හෙයින් ඔවුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මුදා හැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිවිල් පුද්ගලයන් පහක්ද පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන් අයෙක් මුදා හැර ඇති අතර තවත් අයෙක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. අනෙක් තිදෙනා අනිද්දා (23දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
COMMENTS