පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්...
පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක්වෙමින්.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පළාත් සභා මැතිවරණයකට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීලා තිබුනත් සුළු ජාතීන්ට විශාල අසාධාරණයක් සිදුවෙන බව පේන බැවින් අපි තරයේම ඉල්ලා සිටියා මේක අකුලා ගන්න ඒක විතරක් නෙවෙයිඅපිට ක්ෂණිකව මැතිවරණයක් ඕනේ. නමුත් අලුත් ක්‍රමය ඇත ගගා ඉඳලා දිගටම මැතිවරණය කල් දැමීමේ උප්පරවැට්ටියක් මේ ආණ්ඩුවේ ඉන්න සමහර පක්ෂත්, විපක්ෂයේ ඉන්න පක්ෂ කිහිපයකුත් මේකට දෙන ඒ සහයෝගය පිළිබඳව අපේ දැඩි විරෝධය විතරක් නෙවෙයි, අපි මීළඟ සුමානේ පොදු විපක්ෂයේ ප්‍රධානින් එක්කත් විපක්ෂයේ සෙසු පක්ෂ එක්කත්, සාකච්ජා කරලා මේ කුමන්ත්‍රණය පැරදවීම සඳහා සහමුලින්ම කටයුතු කරනවයි කියලා මම මෙතැනදී කියා සිටිනවා. අපිට වෙන විකල්පයක් නැහැ.”
COMMENTS