මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ දැමීම වෙනුවට මන්ත්‍රී දීමනා වැඩි කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කොළඹ ...
මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ දැමීම වෙනුවට මන්ත්‍රී දීමනා වැඩි කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයෙකුට තිබේන වැඩ රාජකාරි අනුව රට පුරා ගමන් කිරිමට ඇති බැවින් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දිම මෙන්ම ඉන්ධන සඳහා ලබා දෙන දීමනාවේ යම් වැඩි විම් සිදු විය යුතු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
තමන් රාජ්‍ය අමාත්‍යවරයෙකු බැවින් තමන්ගේ වැටුප රුපියල් ලක්ෂ 3 1/2ක් පමණ වුවත් එයින් ලක්ෂ 2ක් පමණ ඉන්ධන සඳහා වැය වන බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මම හිතන්නේ ඒ මැති ඇමතීන්ට සුඛ විහරණය ජීවත් වෙන්න නෙවෙයි නමුත් සමහර අත්‍යවශ්‍ය අංශ තියෙනවා ඒ අංශවලට ශක්තියක් යමක් ලැබෙන්න ඕනේ. සමහර විට අපි දන්නවා ගහගන්න බෑ ආසන වලට යන්න එන්න වෙලාව දුරබැහැර තියෙන කට්ටියට. එවැනි දේවල් වලට අවශ්‍ය යම්කිසි සම්පත් ලබාදීමේ ක්‍රමවේදයක් තමයි තිබිය යුත්තේ. මම හිතන්නේ අවශ්‍යතාව තියෙන්නෙත් ඒක තමයි. පෙට්‍රල්, දීමනාව ඩීසල් දීමනාව තමයි මට හම්බෙන මුදල් වලින් සියට 50 ක්මැ තියෙන්නේ. ලක්ෂ එකහමාරක් පමණ. ඇමති කෙනෙක් හැටියට මම ජාතික ලැයිස්තුවේ ඇමැති කෙනෙක් නිසා මට ටිකක් වැඩියෙන් හම්බ වෙනවා ඒ දීමනා. රට පුරා යන්න ඕන නිසා. ඒ ඔක්කොමත් එක්කත් මට හම්බවෙන්නේ හිතන්නේ ලක්ෂ තුනහමාරක් විතර වෙන්න ඇති. කෙලින්ම ලක්ෂ දෙකක් විතර යනවා ඩීසල්, පෙට්‍රල් වලට. පොලිස් වාහනයටත් මම ඩීසල්, පෙට්‍රල් ගහනවා. එහෙම බැලුවම යන්තම් ඉතින් තනිකඩයෙකුට කාලා බීලා ඉන්න පුළුවන් මුදල් තමයි ඉතුරු වෙන්නේ.”
COMMENTS