දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය වර්ජනය දේශපාලන ගේමක් : ජනපති හමුවී වර්ජනය අත්හරියි.
Homeගොසිප්

දුම්රිය වර්ජනය දේශපාලන ගේමක් : ජනපති හමුවී වර්ජනය අත්හරියි.

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (12) පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය...

චන්න බිරිය හා දරුවා අතැර නිවසේ වෙනම සිටීම ටෙලියට
සෞඛ්‍යය අමාත්‍යංශයේදී පහරදීමට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි
මෛත්‍රී ටීවී බලනකොට පේන්නෙ මහින්දමලු (සඳුදා කාටූන්)


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (12) පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. 

ඒ තම ඉල්ලීම් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ නිසා බවද වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

වර්ජනයේ මහ මොළකරු බැසිල්?

 කෙසේ වුවත් දුම්රිය මගීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත බවත්, මෙම වැඩවර්ජනයේ ක්‍රියාකාරී නායකයකු වන දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බවත් මේ වන විටත් අනාවරණයවී හමාරය.

දුම්රිය වැටුප් ප්‍රශ්නය ඇතුළුව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් වැටුප් කොමිසමක් පත්කිරීමටත් එතෙක්  ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාමය විසඳුමක් වෙනුවෙන් පැමිණෙන ලෙස ආණ්ඩුවෙන් යෝජනා වුවත් වෘත්තීය සමිති ඒ පිළිබඳ තැකීමක් නොකර සිටියේද අදාළ දේශපාලන හස්තය නිසා බවද එහිදී තහවුරු ව තිබිණ.

එසේම අසාධාරණ දුම්රිය වර්ජනයට වගකිව යුත්තේ ආණ්ඩුව බවට තහවුරු කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශව උත්සාහ ගත්තද එයද සාර්ථක වූයේ නැත. ජනතාව දිගින් දිගටම අදහස් පළකර සිටියේ දුම්රිය වර්ජනය පටු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම වෙනුවෙන් සිදුකළ පහත් ක්‍රියාවක් බවය.

 වර්ජනයට සම්බන්ධ නොවූ දුම්රිය වෘත්තීය සමිති පවා ඒ බව තහවුරුකර තිබිණ.

රාජ්‍ය යාන්ත්‍රණයම අර්බුදයට යැවීමේ උත්සාහයක් !

එසේම මේ වර්ජනයේ අරමුණ වී තිබුණේ යම් ආකාරයකට වර්ජකයන්ගේ ඉල්ලීමට එකඟව තෝරාගත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක පමණක් වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කළා නම් සමස්ථ රාජ්‍ය සේවයේම  පැණනගින වැටුප් විෂමතා සකසන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනයකට යොමුකරවීම බවද දැනගන්නට ඇත.

රජය තද තීරණයක : මාස දෙකක් වර්ජනය කළත් කරන්න දෙයක් නෑ !

මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ (11) කියාසිටියේ දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ ද අසාධාරණ ඉල්ලීම්වලට කිසිසේත් රජය එකග නොවන බවය.

මුදල් අමාත්‍යාංශය විසින් වැටුප් විෂමතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බවත්  එම දෙමසක කාලය දක්වාම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද මීට වඩා විසඳුමක් ලබා දිය නොහැකි බවද එහිදී  නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

දුම්රියේ මාසික වැටුපට කෝටි 100ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා විධායක තනතුරු ආවරණය කරන ඇතැම් නිලධාරීන් පවා තමන්ට හිමි නොවන අතිකාල පවා උපායශීලිව ලබාගැනීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික වැටුප් සඳහා පමණක් රුපියල් කෝටි 100ක මුදලක් වැය වන බව වාර්තා වේ.

විශේෂයෙන්ම දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක, පරිපාලන නිලධාරි, දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂකවරුන් මෙන්ම විධායක තනතුරු ආවරණය කරන නිලධාරීන්ට අතිකාල හිමි නොවන නමුත්, මේ වන විට සහකාර වාණිජ අධිකාරි, සහකාර ප්‍රවාහන අධිකාරි වැනි තනතුරු ආවරණය කරන පහළ ශ්‍රේණි නිලධාරීන් විසින් තමන් ආවරණය කරනු ලබන නිලයේ සියලු වරප්‍රසාද ලබාගනිමින්ම, අනෙක් පහළ ශ්‍රේණිවල අතිකාල ලබාගැනීම නිසා මේ සා විශාල මුදලක් මාසික වේතන සදහා වැය කළ යුතුව ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් හා ස්ථානාධිපතිවරුන්ද තම සේවා මුරය ආරම්භ කරන මොහොතේ පටන්ම අතිකාල ලබාගැනීමේ පවතින ක්‍රමවේදය නිසාද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදු වන බව දුම්රිය ආරංචි මාර්ග පවසයි. දිනයේ පැය 8ක සේවා කාලය ඉවත් කර සේවය කරන සෙසු අමතර කාලයට අතිකාල ලබාගත යුතු නමුත් පැය 8ක සේවා කාලයවත් ආවරණය නොකර අතිකාල ලබාගැනීම හේතුවෙන් මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව අතිවිශාල පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබේ.

පසුගිය වසරේ දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 700ක පාඩුවක් ලබා ඇති අතර, මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් සේවකයන් 15,414ක් සිටිනා දෙපාර්තමේන්තුවට වැටුප් සඳහා රුපියල් කෝටි 450.6ක් වැය කරන්නට සිදුව ඇති අතර ඒ වැටුප් සඳහා විශේෂ ව්‍යාපෘති සඳහා සහභාගි වීම් සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා වන ගෙවීම් ද අඩංගුව නැත. ලක්ෂ දෙකකට වඩා මාසික වැටුල් ලබා ගන්නා රියැදුරන්, නියාමකවරුන් ඇතුළු නිලධාරීන් තවත් ඉහළ වැටුල් ඉල්ලන්නේ තම අතිකාල පැයට පැය එකහමාරක අතිවිශාල මුදලක් ලබාගැනීමට බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම රියැදුරන් හා නියාමකවරුන්ගේ සේවා මුර ඔවුන් විසින් සකස් කරගන්නේ තමන්ට වාසිදායක වන අයුරින් බවත්, ඉරිදා දිනයක සේවයට වාර්තා කළ හොත් සෙනසුරාදා වන තෙක්ම නිවාඩු දින ලෙස අතිවිශාල මුදලක් ලබාගැනීම නිසා දෙපාර්තමේන්තුවට මෙවන් අතිවිශාල වැය බරක් දරන්නට සිදුව ඇති බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය වර්ජනය දේශපාලන ගේමක් : ජනපති හමුවී වර්ජනය අත්හරියි.
දුම්රිය වර්ජනය දේශපාලන ගේමක් : ජනපති හමුවී වර්ජනය අත්හරියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZ7f7wsgm7fpCG4jqapInOaz-xOT6Do7tkD4E-gksZAP93vQ-tqzhe3KVErA4XlztGCM3RZtVrWjPKaO-PiDElpcaNvf6MSdA0xLu8JQwSKuOKNka8hWMmND1lyapNNt-dkapuOOgE3puD/s1600/Kelaniweli+railway+lane.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZ7f7wsgm7fpCG4jqapInOaz-xOT6Do7tkD4E-gksZAP93vQ-tqzhe3KVErA4XlztGCM3RZtVrWjPKaO-PiDElpcaNvf6MSdA0xLu8JQwSKuOKNka8hWMmND1lyapNNt-dkapuOOgE3puD/s72-c/Kelaniweli+railway+lane.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_840.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_840.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy