මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තම ස්තූතිය...
මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තම ස්තූතිය පුදකරන බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සංගමය මේ බව සඳහන් කර සිටියි.
රූපවාහිනි යන්ත්‍ර හේතු කරගෙන රියදුරුගෙ අවධානය වෙනතකට යොමු විම, රූපවාහිනියේ ඇතැම් දර්ශන මගින් අපහසුතාවයකට පත්කිරිම හේතුවෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත.
මීට අදාළව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.
2010 වසරේ "මහමග යන සැමට යහමග කියන මහමග ටී. වී." යන තේමාව යටතේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ වැඩපිලිවෙළක් යටතේ බස් රථ සඳහා රූපවහිනි යන්ත්‍ර සවිකළ ද ඉන් අපේක්ශිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ නැත.
කෙසේ නමුත්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් එම තීරණය ගෙන තිබුණේ නිති විරෝධී පසුබිමක සිටය. එනම්, මෙරට ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරනු ලබන බස් සේවාවක් ලැබීමට මෙන්ම ගුවන් විදුලි යන්ත්‍රය වුවද ශබ්දය (උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80) අවහිරයක් නොවන ලෙස පාවිච්චි කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට මගීයන්ට හිමි අයිතිය උල්ලංඝනය කරමිනි.
කෙසේ නමුත්, නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය තවදුරටත් පුළුල් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ අදහසයි.
එසේම නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් ගෙන ඇති මෙම තීරණය, බස්නාහිර ඇතුලු අනෙකුත් පළාත් ප්‍රවාහන අධිකාරින් සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බව ද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ අදහසයි.
එසේම මෙම ගැටළුව සම්බන්දයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට ද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ලෙස අප බලාපොරොත්තුවෙන් සිටිමු.
COMMENTS