දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විපක්ෂ නායක ධුරය ගැන කතානායකගේ තීරණය එළියට! කතානායකවරයාගේ විශේෂ ප්‍රකාශය
Homeප්‍රවෘත්ති

විපක්ෂ නායක ධුරය ගැන කතානායකගේ තීරණය එළියට! කතානායකවරයාගේ විශේෂ ප්‍රකාශය

PropellerAds

වතමන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව විපක්ෂනායක ධුරය තවදුරටත් ආර්. සම්බන්ධන් මහතා යටතේම පවතින බවත් විපක්ෂයේ වෙනත් පක්ෂයකට ලබා දිය නොහැකි බවත්...

විපක්ෂ නායක ධුරය ගැන කතානායකගේ තීරණය එළියට! කතානායකවරයාගේ විශේෂ ප්‍රකාශය

වතමන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව විපක්ෂනායක ධුරය තවදුරටත් ආර්. සම්බන්ධන් මහතා යටතේම පවතින බවත් විපක්ෂයේ වෙනත් පක්ෂයකට ලබා දිය නොහැකි බවත් කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ලෝකයේ පිළිගත් සම්ප්‍රදායන් සහ මෙරට පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ද පැහැදිලි කරමින් කතානායකවරයා සඳහන් කර සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය නොකරන විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙන පක්ෂයේ හෝ සන්ධානයේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස පත් කළ යුතු බවයි.

ඒ අනුව ආර්. සම්බන්ධන් මහතාව පත් කළ බවත් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුව පිහිටුවා ඇති බැවින් එම පක්ෂ දෙකෙන් එකකට විපක්ෂ නායක ධුරය ලබා දිය නොහැකි බවද කතා නායකවරයා සඳහන් කර සිටියේය.
විපක්ෂ නායක ධූරය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද(10) උදෑසන කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල විශේෂ ප්‍රකාශය.

2015 අගෝස්තු මස 15 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගේ අත්සනින් යුක්තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93ක් බවත්, එයින් මන්ත්‍රීවරයන් 70 දෙනෙකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.

තවද, එම ඉල්ලීමේ සඳහන් පාර්ලිමේන්තු විවාද සඳහා කාලය ලබාදීම සහ කාරක සභා නියෝජනය පිළිබඳවද සලකා බැලූ අතර ඒ සම්බන්ධයෙන්ද මාගේ තීරණය දැනුම් දීමට අදහස් කරමි.

2018 අගෝස්තු මස 07 වැනි අඟහරුවාදා පුරා පැය ගණනාවක් විරුද්ධ පාර්ශ්වයේ නායක ධූරය පිළිබඳව පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරයන් විසින් මතු කරන ලද සියලු අදහස්ද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් දැනුමක් ඇති අනෙකුත් විද්වතුන්ගේ අදහස්ද, ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ද, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු රටවල සහ අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජනය කරන රටවල පිළිගත් සම්ප්‍රදායන්ද ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කර මාගේ අදහස් මෙලෙස ප්‍රකාශ කරමි.
විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු ඉතිහාසය මුළුල්ලේම පවත්වාගෙන එනු ලබන සම්ප්‍රදායන් හා පරිචයන්ට අනුකූලව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ස්ථාවර නියෝගවලින් පිළිගෙන ඇති අභිමානවත් ධුරයකි. තවද, අප රටට ආවේණික වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායට සමගාමීව විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය ව්‍යවස්ථාදායකයටම අනන්‍ය වූ සහ පාර්ලිමේන්තු ක්‍රමයේ අත්‍යාවශ්‍ය ධුරයක් ලෙස සඳහන් කළ හැකි ය.

අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සලකා බැලීමේදී විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා ආණ්ඩුවට සම්බන්ධ නොවන වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින මහ මැතිවරණයට තරඟ කළ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ සන්ධානයක පාර්ලිමේන්තු නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායකවරයා විසින් පිළිගෙන සභාවට ප්‍රකාශයට පත් කිරීමේ සම්ප්‍රදාය ඉතා පැහැදිලි සහ නිශ්චිත වූවක් බව මීට පෙර අවස්ථාවන් අධ්‍යයනයේදී, මොනවට පැහැදිලි වේ.

අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා කථානායකවරයා විසින් හඳුනාගනු ලැබුවේ මහ මැතිවරණයකදී තරඟ කරන ලද පිළිගත් දේශපාලන පක්ෂ අතුරින් ආණ්ඩු පාර්ශ්වයට අයත් නොවන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ හෝ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වන බවයි.

මෙම සම්ප්‍රදාය මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මකව පවතින රටවලද එලෙසම පවත්වාගෙන යනු ලබයි. අප අසල්වැසි ඉන්දියාවේ ද අවම ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ සීමාවට යටත් වන නමුත් විරුද්ධ පාර්ශ්වයේ නායකයා වශයෙන් තෝරා පත්කරගනු ලබන්නේ ආණ්ඩු පාර්ශ්වයට අයත් නොවන අනෙකුත් පක්ෂ අතුරින් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයාය.

ඒ අනුව, විරුද්ධ පාර්ශ්වයේ නායකයා පත්කර ගැනීමේ ක්‍රමවේදය අප රටේ පැවති සම්ප්‍රදායත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරනු ලබන අනෙකුත් රටවල සම්ප්‍රදායත්, සලකා බැලීමේදී ඒ පිළිබඳව කිසිදු මතභේදයක් නොමැති බව මා විසින් කරන ලද අධ්‍යයනයන් අනුව සඳහන් කිරීමට පුළුවන. ඊළඟ කරුණ වන්නේ එම සම්ප්‍රදායට අනුගතව වර්තමාන පාර්ලිමේන්තුව තුළ පක්ෂ බෙදීම සහ සංයුතිය අනුව එම සිද්ධාන්තය අප අදාළ කරගන්නේ කෙසේද යන්න විමර්ශනශීලීව සලකා බැලීමය.

වර්තමාන තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට මත්තෙන්, 2015 ජනවාරි මස 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් අනතුරුව හත්වැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය නිර්මාණය වී තිබූ ආකාරය පිළිබඳව අප සලකා බැලිය යුතුමය.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, එකී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරයන් කණ්ඩායමක් ආණ්ඩු පාර්ශ්වය වශයෙන් ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා ලද අතර එතෙක් ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගන්නා ලදී.

එම අලුත් වාතාවරණය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස හඳුනාගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී, විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධූරය සඳහා පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ට අනුකූලව මාගේ පූර්වගාමී කථානායකවරයා විසින් පිළිගන්නා ලදී.

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධූරය දරන ලද එම කාල සීමාව තුළදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍යවරයන් වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙන ලද අතර සම්ප්‍රදායානුකූලව ඔවුන්ටද ආණ්ඩු පාර්ශ්වයේ අසුන් වෙන් කරන ලදී.

එසේම, මීට ඉහතදී පැවති රජයන්වලදීද විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විවිධ අමාත්‍ය ධූරයන් භාර ගෙන ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගත් අවස්ථාද, ආණ්ඩු පාර්ශ්වයේ අමාත්‍යවරයන් අමාත්‍ය ධූරවලින් ඉවත්වී විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගත් අවස්ථාද තිබෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවැනි සංශෝධනයේ 46 ව්‍යවස්ථාවේ (4) සහ (5) අනු ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිණිස 2015 සැප්තැම්බර් මස 03 වැනි දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 47(1)(ඇ) විධිවිධානවලට අනුව නමින් සිය ඡන්දය භාවිතා කරමින් පක්ෂව මන්ත්‍රීවරයන් 143ක් සහ විපක්ෂව 16ක් වශයෙන් සම්මත කරන ලද යෝජනා සම්මතයට අනුකූලව දැනට බලාත්මකව පවතින ජාතික ආණ්ඩුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල්කාර පක්ෂයක් වීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය වෙනස් වී තිබෙන ආකාරය පිළිබඳව සලකා ලීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.

ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍ය ධුර දරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 2015 සැප්තැම්බර් මස 03 වැනි වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද එකී යෝජනා සම්මතය අනුව හැකියාවක් මා හට නොමැත.

එබැවින්, අතීතයේ සිටම අඛණ්ඩව පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව ආණ්ඩුවට සම්බන්ධ නොවන පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස කථානායකවරයා විසින් පිළිගනු ලැබීම චිරාත් කාලයක සිට පැවති සම්ප්‍රදායයි. ඊට අනුකූලව, වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සම්බන්ධ නොවන විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස මා විසින් පිළිගන්නා ලද බව 2015 සැප්තැම්බර් මස 03 වැනි දින මෙම ගරු සභාවට ප්‍රකාශ කරන ලද බව දන්වනු කැමැත්තෙමි.

කරුණු මෙසේ හෙයින්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත්, මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොපවතින බව මාගේ අවසාන තීරණය ලෙස මෙයින් ප්‍රකාශයට පත් කරමි.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පිහිටුවන ලද ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය ලෙස දැනට කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුව තුළ වාද විවාදවලට සහභාගි වීමේදී සාධාරණ කාලවේලාවක් වෙන්කර දීමටත්, දැනට පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර තිබෙන සියලුම කාරක සභාවලට සාධාරණ ලෙස නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය සෑම පියවරක් ගනිමින් එම මන්ත්‍රීවරයන්ගේ අයිතීන් ආරක්ෂා කරන බව මම මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂ නායක ධුරය ගැන කතානායකගේ තීරණය එළියට! කතානායකවරයාගේ විශේෂ ප්‍රකාශය
විපක්ෂ නායක ධුරය ගැන කතානායකගේ තීරණය එළියට! කතානායකවරයාගේ විශේෂ ප්‍රකාශය
http://am.lk/media/k2/items/cache/c1847abc55ea37db093bdd5afe4cc761_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_606.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_606.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy