පලාත් පාලන ආයතනට අදාළ විෂයන් ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සිදු කිරිමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනිමට කටයුතු කරන බව අඹගමුව ප...
පලාත් පාලන ආයතනට අදාළ විෂයන් ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සිදු කිරිමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනිමට කටයුතු කරන බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා අඹගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි අද (13) අවධාරණය කර සිටියේය.
ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සම සභාපති අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් අඹගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාල ශ්‍රවණාගාරයේදි අද පැවැත් විය.
මෙම රැස්විමේදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා ( ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) මහතා කියා සිටියේ ගම්පෙරලිය ඇතුළු මධ්‍යම රජයෙන් හා පලාත් සභාව සහ මන්ත්‍රිරුන්ගේ ප්‍රතිපාදන මත සිදු කරන සියළුම සංවර්ධන කටයුතු පලාත් පාලන ආයතනවල අනුමැතියකින් හා අනුදැනුමකින් තොරව ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සිදු කිරිමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයෙන් පලාත් පාලන ආයතන වෙත ලබා දි ඇති බලතල උල්ලංඝනය වන බවයි.
එබැවින් මස්කෙලිය මැතිවරණ කොට්ඨාශයේ තිබෙන ප්‍රාදේශිය සභා තුනක සහ එක් නගර සභාවක සභාපතිවරුන් සමග සාකච්ඡා කර එම ක්‍රියා මාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි අඹගමුව ප්‍රාදේහිය සභාවේ සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
මෙහිදි අදහස් දැක්වු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදි සාකච්ඡා කරන බවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පලාත් සභා මන්ත්‍රි හා අඹගමුව ප්‍රාදේහිය සංවර්ධන කමිටුවේ සම සභාපති කනපති කනගරාජ් මහතා ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි ප්‍රාදේශිය ලේකම්වරයාට එරෙහිව නැගු චෝදනාවක් නිසා ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම උණුසුම් විය.
කනපති කනගරාජ් මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි ග්ලැන්කන් තේ වතු යාය සතු අක්කර 6 පමණ ඉඩමක් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් ගැසට් පත්‍රයක් මගින් පවරාගෙන පිටස්තර අයට ලබා දිමට කටයුතු කර ඇති බවයි.තේ වතු ආශ්‍රිත ඉඩම් ප්‍රදේශයේ ආපදාවන්ට ලක් වු අය හට ලබා දිමට තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත්, පිටතින් පැමිණෙන අයවරුන් සදහා තේ වතු ඉඩම් ලබාදිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.කනපති කනගරාජ් මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.පි.ඩි.සුමනසේකර මහතා කියා සිටියේ. එම ඉඩම ගැසට් පත්‍රයක් මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයට අත්පත් කරගනු ලැබුවේ ප්‍රදේශයේ අපදාවට ලක් වු පවුල් කිහිපයකට ඉඩම් කට්ටි ලබාදිමට මිස පිටස්තරය අයට ඉඩම් කට්ටි ලබාදිමට නොවන බවයි.
තේ වතු ආශ්‍රිත ඉඩම් පිටස්තර අයට ලබාදිමට තමන්ද එකග නොවන බව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්නන් මහතාද අවධාරණය කර සිටියහ.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS