මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කවටයෙකු බවත් ඔහු ගැන කතා කිරීමෙන් පලක් නැති බවත් මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අල...
මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කවටයෙකු බවත් ඔහු ගැන කතා කිරීමෙන් පලක් නැති බවත් මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
සතිඅන්ත පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.
“කුමාර වෙග්ලම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එතුමා මේ පක්ෂයේ මිනිස්සු බොහෝම ආදරය කරපු කෙනෙක්. හැබැයි ඉතින් මේ මෑත කාලයේ කරපු සමහර ප්‍රකාශ නිසා විකටයෙක් වෙලා ඉන්නවා” යැයි එහිදි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
මෙසේ මහින්දාන්නද අලුත්ගමගේ මහතාගේ කෝපයට හේතුවී ඇත්තේ, 'හිට්ලර් කෙනෙක් බලයට ආවොත් රටම ඉවරයි' යයි වෙල්ගම මන්ත්‍රීවරයා කල ප්‍රකාශයයි.
දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටට යන කල දසාව කුමක්දැයි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් පසුගිය මස 14 දාඑහි රැස්ව සිටි පාක්ෂිකයින් ගෙන් එබව විමසා සිටියේය.
වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.
''විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා ..
එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?
එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ ''
COMMENTS