දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට අයෙත් ඉල්ලන්න පුළුවන්? : අලුත් නීති තර්කයක්!
Homeගොසිප්

මහින්දට අයෙත් ඉල්ලන්න පුළුවන්? : අලුත් නීති තර්කයක්!

PropellerAds

දෙවරක් ජනාධිපති තනතුර හෙබවූ අයකු තුන්වැනි වරටත් එම ධුරයට පත්වීම වළක්වාලීම සඳහා සම්මත කර ගන්නා ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ම...

විශාකා සිසුවියගේ ඉංග්‍රීසි ‘ඒ‘ එක ‘බී‘ එකක් කළ විභාග දෙපාර්තමේන්තුව නඩුවෙන් පරදී
රන්වීර් සිං - දිපීකා පදුකොන් විවාහ ජිවිතේ රහසක්
නීති විරෝධී ගිනි අවි අල්ලාදෙන්න ඔත්තුකරුවන්ට 25000 පොලිස් නිලධෘරින්ට 60000 දක්වා මුදල් ත්‍යාග



දෙවරක් ජනාධිපති තනතුර හෙබවූ අයකු තුන්වැනි වරටත් එම ධුරයට පත්වීම වළක්වාලීම සඳහා සම්මත කර ගන්නා ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අදාළ අරමුණ අර්ථකථනය නොවන නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා කුමාරණතුංග මහත්මියට ඉදිරි ජනාධිපතිවරණයේදී තරග කළ හැකි බව නීති විශාරදයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා 'ඉරිදා දිවයින'ට පවසා ඇත.

1970 - 77 සමගි පෙරමුණ ආණ්ඩුව පැවැති කාලයේදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය නිහාල් ජයවික්‍රම පසුව බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව යටතේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ලක්විය.

ජයවික්‍රම මහතා අධිකරණ අමාත්‍යාංශ ලේකම්ව සිටි සමයේදී අධිකරණ ඇමැති ලෙස කටයුතු කළේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ය.

නිහාල් ජයවික්‍රම මහතා කියන පරිදි 1978 දී විධායක ජනාධිපති ධුරය හඳුන්වා දෙමින් සම්මත කර ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ෙඡ්දය මගින් පහත සඳහන් කරුණු තහවුරු කර ඇත.

එනම්;

30 (1) ශ්‍රී  ලංකාවේ ජනාධිපති ධුරයක් පිහිටුවනු ලබන අතර එම ජනාධිපති රාජ්‍ය නායකයා ලෙසත් විධායකයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය. ඔහු සන්නද්ධ හමුදාවල අණදෙන නිලධාරියා ද වන්නේය.

(2) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති මහජනතාවගේ ඡන්දයෙන් තෝරාගනු ලැබේ. එම ධුර කාලය අවුරුදු 6 කි.

වසර 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත්තේ 30 (1) ෙඡ්දයේ දෙවැනි වගන්තියේ සඳහන් ධුර කාලය වන වසර 6 වසර 5 බවට පත් කරමිනි.

මේ කරුණුවලට අමතරව වසර 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාට නැවත වරක් තරග කිරීමට නොහැක යන කාරණය පැහැදිලි ලෙස අර්ථකථනය වී නැති බව ජයවික්‍රම මහතා සඳහන් කරයි.

'මහින්දට පුළුවන් කතාව බොරුවක්'  !

මේ අතර සති අන්ත 'අනිද්දා' පුවත්පත පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතාට 19 වැනි සංශෝධනය අනුව නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව මතයක් නිර්මාණය කිරීම ටික දිනකට මාධ්‍ය නොමග යැවීම වෙනුවෙන් නිර්මාණය කළ මතයක් බවයි.

'අනිද්දා' සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් එබව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

ජී.එල්. පීරිස් දිස්ත්‍රික් අධිකරණයට :

''මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඒ පිළිබඳව පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළත්, ඒකාබද්ධ විපක්ෂය ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු එකඟතාවයකට පැමිණ නැති බව එම පක්ෂ නායකයා පැවසිය.

මෙම මාතෘකාව ටික දිනකට මාධ්‍යයට හපන්නට හොඳ යමක් ලෙස එම පක්ෂ නායකයා හඳුන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නීතිමය පසුබිමක් නොවන බව තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ වැඩි දෙනෙකු හොඳින් දන්නා බවද එම පක්ෂ නායකයා සඳහන් කළේය.

තමන් ඒ පිළිබඳව ජී.එල්.පීරිස් මහාචාර්යවරයා සමඟ සාකච්ඡා නොකළත්, මෙය පදනම් විරහිත නීති තර්කයක් බව පීරිස් මහාචාර්යවරයා නොදැන සිටීමට හේතුවක් නැති බව එම පක්ෂ නායකයා කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳ විමසීම සඳහා මහාචාර්ය පීරිස් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, ඔහු දින කිහිපයකට විදේශගත වී ඇතැයි ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග පැවසීය.''

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට අයෙත් ඉල්ලන්න පුළුවන්? : අලුත් නීති තර්කයක්!
මහින්දට අයෙත් ඉල්ලන්න පුළුවන්? : අලුත් නීති තර්කයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKKZVns10XwG3khsWLBzUfEhXhH_RRZu6d5PDEyY4-4RZn7wOTR-AFRB674kfFqphn1UVLrD8cUH0PDydgDZMZhwrzecUt_cXK3Np-SpACEVVJoD9PEwezU_AZJBovsSXWP4rH9jggjHFt/s1600/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKKZVns10XwG3khsWLBzUfEhXhH_RRZu6d5PDEyY4-4RZn7wOTR-AFRB674kfFqphn1UVLrD8cUH0PDydgDZMZhwrzecUt_cXK3Np-SpACEVVJoD9PEwezU_AZJBovsSXWP4rH9jggjHFt/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_166.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_166.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy