වන සංරක්ෂණ නිලධාරීන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම්වලදි රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා විසින් අපහාසාත්මක ආකාරයෙන් ඇමතීම හේතුවෙන...
වන සංරක්ෂණ නිලධාරීන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම්වලදි රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා විසින් අපහාසාත්මක ආකාරයෙන් ඇමතීම හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව පුත්තලම දිසා වන නිලධාරි වන සංරක්ෂක ජනරාල්වරයාට ලිපියක් මගින් දන්වා තිබේ.
පුත්තලම දිසා වන නිලධාරී ඩි.එම්.බි.එම්. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය නියෝජ්‍ය ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ වසර ගණනාවක් තිස්සේ රජයේ රක්ෂිත හා වෙනත් වනාන්තර ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින හා ඒවාට සම්බන්ධව නිත්‍යානුකූල හිමිකම් නොමැතිව පදිංචිකරුවන් සම්බන්ධ ඉඩම් ගැටළු විසදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් පවතින බව එම ලිපියේ සඳහන් කර තිබේ.
දිසා වන නිලධාරී ලෙස මාගේ රාජකාරි මට්ටමින් හා අඩවි වන නිලධාරීන් ඇතුළු අනෙකුත් කේෂත්‍ර නිලධාරීන්ගේ මට්ටම් වලින් සිදු කළ යුතු කේෂත්‍ර පරික්ෂණ සිදුකර අදාල ඉඩම් සම්බන්ධව සියලුම වාර්තා ප්‍රධාන කාර්යාලයට යොමු කර ඒ සම්බන්ධව ප්‍රධාන කාර්යාලය හා අමාත්‍යංශය මේ වන විට කටයුතු කරමින් තිබියදි, රාජ්‍ය ඇමතිවරයා එම සිද්ධීන් මුල් කරගනිමින් තව දුරටත් නිලධාරීන් හිතා මතා ප්‍රමාද කරන බවට චෝදනා එල්ල කරමින් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලදි අනිකුත් නිලධාරීන් හා සහභාගි වි සිටින පිරිස් ඉදිරියේ අපහාසාත්මක අයුරින් බැන වදින බව එම ලිපියේ සඳහන් කර තිබේ.
මෙසේ රාජ්‍ය ඇමති වරයා විසින් තම නිලධාරීන්ට මෙසේ අපහාසාත්මක අයුරින් බැණ වැදුන ආසන්නම සිද්ධිය ලෙස නවගත්තේගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව බවද සදහන් කරන දිසා වන නිලධාරීවරයා එදින මෙම කමිටුව සඳහා ආණමඩුව අඩවි වන නිලධාරී ඩබ්ලියු .ඩි. විමලසිරි හා නවගත්තේගම බිට්ටු වන නිලධාරී අයි.ජී. සි.අරුණ කුමාර යන නිලධාරීන් සහභාගිවි ඇති බවත් එහිදි රාජ්‍ය ඇමතිවරයා විසින් මෙම නිලධාරීන්ට අපහාසාත්මක සහ තර්ජනාත්මක අයුරින් පවසා ඇත්තේ කේෂත්‍ර පරික්ෂණ සඳහා යාමේදි ප්‍රදේශවාසින් පහර කෑමට ලක් කරන බවටත් වනාන්තර ඉඩම් නිදහස් නොකරන්නේ නම් මින් පසුව කමිටු සඳහා සහභාගි නොවන ලෙසටද තර්ජනය කළ බව එම නිලධාරින් තමන්ට වාර්ථා කර ඇති බවත් දිසා වන නිලධාරිවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
COMMENTS