ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතාගේ (77) තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සුසිත...
ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතාගේ (77) තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසා ඇත.
මෙතෙක් දිනක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මේ වනවිට රෝහලේ 17 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන බවද කීය.
ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.
"මමත් ඔය සමාජ ජාල මගින් ගිය අසත්‍ය ප්‍රචාරය දැක්‌කා. අමරසිරි මහත්මා අයි. සී. යූ. එකේ හිටියේ. එතුමාගේ තත්ත්වය යහපත් අතට හැරීම නිසා දැන් එතුමාව දහහතේ වාට්‌ටුවට ඇතුළත් කළා. එතුමාගේ තත්ත්වය දැන් යහපත් අතට හැරෙමින් තිබෙන්නේ. තව දින කීපයකින් එතුමාට ගෙදර යන්න පුළුවන් වේවි."
COMMENTS