මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා එක්‌සත් එමීර් රාජ්‍යයේ බ...
මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා එක්‌සත් එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගත කර සිටින්නකු බැවින් ඔහුගේ කැමැත්ත පරිදි ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැතැයි නීතිපතිවරයා පෙරේදා (29) කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර සිටින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කළ සැකකරුවකු වන ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් එම රටට ගොස් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුකළ යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා පෙනී සිටීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්‌ෂා කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකරු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්‌ෂා කරන්නේ නම් ප්‍රථමයෙන් කළ යුත්තේ ඔහු සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ අඡ්මාන් ප්‍රාන්ත අධිකරණය වෙත කරුණු දැක්‌වීම බවත් එම අධිකරණයෙන් ලබාදෙන නියෝගයක් මත ඔහු ශ්‍රී ලංකන් ගුවන් යානයකට ගෙනැවිත් මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් භාරයට පත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුකළ යුතු බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS