දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දත් විපක්ෂ නායක මමත් විපක්ෂ නායක- සම්බන්දන්
Homeගොසිප්

මහින්දත් විපක්ෂ නායක මමත් විපක්ෂ නායක- සම්බන්දන්

PropellerAds

කථානායකවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ධුරයට පත් කළේ තමා එම ධුරයෙන් ඉවත් කිරීමකින් තොරව නිසා පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායකවරුන් ...

අතුල අධිකාරි අමායා සහ දියණිය හැරගිහින් අවුරුදු 5 යි
වසර 03ක සිට අතුරුදන් පුද්ගලයාගේ ත්‍රී රෝද රථය නාදුනන පුද්ගලයෙක් එළවයි
තමන්ට ඕන දේ නොකළ නිසා මංගල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය එළෙව්වා - විමල්

කථානායකවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ධුරයට පත් කළේ තමා එම ධුරයෙන් ඉවත් කිරීමකින් තොරව නිසා පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායකවරුන් දෙදෙනකු සිටින බව හිටපු විපක්‍ෂනායක ආර්. සම්බන්දන්  මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්‌ නොදරන පුද්ගලයකු විරුද්ධ විපක්‍ෂනායක ධුරයට පත් කිරීමට ගත් හදිසි තීරණය මත කථානායකවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කර ඇති බවද ආර්. සම්බන්දන් මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ කීවේය.

 ආර්. සම්පන්දන් මහතා මෙසේද සඳහන් කර තිබිණි.

2015 සැප්තැම්බර් මස මාව විපක්‍ෂනායක ලෙස කථානායකවරයා විසින් පත් කළා. යළි මාව පිළිගත්තා පාර්ලිමේන්තුවේ දෙවැනි විශාලතම පක්‍ෂයේ නායකයා ලෙස. ඒත් පෙරේදා (18 දා) කථානායකතුමා මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ලෙස පත් කළා.
ඒ පත් කිරීම කළේ මාව විපක්‍ෂනායක ධුරයෙන් ඉවත් නොකර. ඒ අනුව විරුද්ධ පක්‍ෂ නායකයන් දෙදෙනෙක්‌ සිටිනවා. ප්‍රශ්නයක්‌ මතු වෙනවා මාව විපක්‍ෂනායක ධුරයෙන් ඉවත් කරනවාද කියා. එජනිසට තමයි වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක්‌ විපක්‍ෂයේ අද තිබෙන්නේ. එහි ප්‍රශ්නයක්‌ නෑ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමයි, රාජ්‍ය නායකයා, කැබිනට්‌ ප්‍රධානියා සහ එජනිස නායකයා. ඇමැති ධුර කිහිපයකුත් දරනවා. එජනිසෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කිහිප දෙනෙක්‌ ඒ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිකම් දැරුවා. නමුත් මේ සන්දර්භය තුළ එජනිස පාර්ලිමේන්තුවේ දෙවැනි විශාලතම පක්‍ෂය නමුත් කථානායකවරයා දෙවරක්‌ මාව විපක්‍ෂනායක ලෙස පිළිගත්තා.

අද වෙද්දි ඇමැති මණ්‌ඩලය පත්කර නෑ. රජය නිසි ලෙස පත්කර නෑ. එජනිස කීප දෙනෙක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ අසුන්ගෙන සිටිනවා. රජය නිසි ලෙස පත්කර නැති විටෙක තවත් අයෙකු විපක්‍ෂ නායක ලෙස පත්කළ යුතු නෑ. විරුද්ධ පක්‍ෂ නායක ධුරය දරන පුද්ගලයා දැන් ශ්‍රීලනිපයෙන් ඉවත්වී තිබෙනවා. මේ අනුව එතුමාගේ ආසනය අහිමිවී තිබෙනවා.

එනිසා කථානායකවරයා විරුද්ධ පක්‍ෂ නායක ලෙස පිළිගත් පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්‌ දරන කෙනෙක්‌ නොවේ. කථානායකගේ තීරණය හදිසි තීරණයක්‌. ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක්‌ බවට පත්වෙනවද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය වන තත්වයක්‌ කරා ගමන් කරනවාද? බහුතරවාදය ඉස්‌මතුවී තිබෙනවා. එනිසා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව තිබෙනවා. එසේ වුණොත් තමයි දමිළ ජනයාට ගෞරවනීය ලෙස ජීවත් විය හැක්‌කේ.

-අජිත් අලහකෝන්, අකිත පෙරේරා-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දත් විපක්ෂ නායක මමත් විපක්ෂ නායක- සම්බන්දන්
මහින්දත් විපක්ෂ නායක මමත් විපක්ෂ නායක- සම්බන්දන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGnPnZ3X1u5-6gK0jQmuCzKTWFm4nNnbsaBRNc3ENh08CKOlJES-HhVeLpwmGQh4OMYxzvWV-PIn2GjfpM_HrVkMycU7R4frt25Jc6t3IVtwRfyX3BXsJ9PuuHPKLRrPNkYD713MtP5VI/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGnPnZ3X1u5-6gK0jQmuCzKTWFm4nNnbsaBRNc3ENh08CKOlJES-HhVeLpwmGQh4OMYxzvWV-PIn2GjfpM_HrVkMycU7R4frt25Jc6t3IVtwRfyX3BXsJ9PuuHPKLRrPNkYD713MtP5VI/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy