දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්.
Homeගොසිප්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්.

PropellerAds

මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික වි...

ඩුබායි ගිණුම ගැන මං මෛත්‍රීට කෝල් දුන්නැයි රාජිත කිව්වෙ කෙප්පයක්
විමලුයි ගම්මායි ගහකින් වැටිලා (සිකුරාදා කාටූන්)
රොනාල්ඩෝ බුදු දහමට අපහාස කිරීම ගැන ෆේස් බුක් විරෝධය


මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20)  මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයේ  ඍජු ඇමතුම් අංකයට ඇමතීම හරහා තමන්ට ඇති ගැටළු  විසඳා ගැනීමට  ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇති බවද මෙහිදී  අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මන්නාරම ලංකා බැංකු ශාඛාවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම ද ඊයේ  (20)  සිදු කෙරිණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රීසාඩ් බදියුදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක් වූහ.
එහි දී වැඩි දුරටත් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ අදහස් මෙසේය. 

මන්නාරම යනු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා බැඳෙන ඓතිහාසික ප්‍රදේශයකි. එදා මෙහි පිහිටි මාන්තොට වරාය හරහා ශ්‍රී ලංකාව සහ එවක ලොව දියුණු රාජ්‍යයන් සමග වෙළෙඳ සබඳතා පැවැත්වීය. රෝමය, චීනය සහ ඊජිප්තුව වැනි රටවල් වෙත ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ අපනයනය කෙරුණු අතර මේ ආශ්‍රිත ප්‍රදේශවලින් සොයා ගෙන ඇති එම රටවල  පුරාණ කාසි ඊට සාක්ෂි සපයයි. අපේ පැරැන්නන්ගේ මෙම ව්‍යවාසයක හැකියාවන් සහිත වත්මන් පරපුරක් නිර්මණය කිරීම වෙනුවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇත. ඒ සඳහා මෙම වසර වෙනුවෙන් පමණක් පොලී සහනාධාර සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000කි. උපාධිධාරීන්, කාන්තාවන්, අබාධිතයන් වෙනුවෙන් සුවිශේෂී සහන ණය යෝජනා ක්‍රම රැසක් මේ යටතේ ක්‍රියාත්මක යැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩි දුරටත් පැවැසීය.

මෙම ණය ලබා ගැනීම සඳහා අපේක්ෂා කරන ව්‍යවසායකත්වය සඳහා උනන්දුවක් දක්වන පිරිසගේ ගැටලු විසඳීම සඳහා ඇමතුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කරන බවද අමාත්‍යවරයා  වැඩි දුරටත් පැවැසීය.

මේ අතර රුපියල් මිලියන 80,000ක වියදමින් දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක ගම්පෙරළිය වැඩසටහනේ මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000කි.

මීට අමතරව මන්නාරම නව ප්‍රධාන බස් නැවතුම් පොළ සඳහා මුල් ගල තැබීම අද සිදු කෙරිණ. මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එක් විය. මුල් ගල් තැබීමෙන් පසු පැවැති උත්සවය අමතමින් මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

මන්නාරම යනු සීග්‍රයෙන් විදේශීය සංචාරකයන්ගේ ආකර්ශයන දිනා ගනිමින් ඇති ප්‍රදේශයකි. මෙම ප්‍රදේශවලට පැමිණෙන බොහෝ සංචාරකයන් අපේක්ෂා කරනුයේ සාම්ප්‍රදායිකව හෝටල්වල නැවතීමට වඩා නිවෙසක නවාතැන් ගෙන සාමාන්‍ය ජනජීවිතය භුක්ති විඳීමට ය. ඒ වෙනුවෙන් ඔබේ නිවසේ කොටසක් නවීකරණය කිරීමට, වායු සමනය කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා ගත හැකි ය. මීට අමතරව ගම්පෙරළිය වැඩසටහන යටතේ ස්ථිර වහල නොමැති නිවාසවලට තහඩු ලබා දීම, විදුලිය නොමැති නිවාස වෙත විදුලිය ලබා දීම ඇතුළු සියලු පහසුකම් ලබා දීම සඳහා ඔබ දිස්ත්‍රික්කයට ඉදිරි මාස පහ වෙනුවෙන් පමණක් වෙන් කර ඇති මුදල රුපියල් බිලියනයක් බව ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.ආර්.දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු ද එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29442,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNiihx5IMKSuWA0hrtD-KC8khh0Qf2wtCTHeMIEmlXBHoxmGgbU6EfvZmbEVLzejwetrqRCZ0Q1g5jTFECLPaeKwGPvP5lyef9I6xwfLMGsIjtgifh03xAdTE3KUOXI7tfOW9w-3dT0Ykz/s1600/z_p29-Robust.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNiihx5IMKSuWA0hrtD-KC8khh0Qf2wtCTHeMIEmlXBHoxmGgbU6EfvZmbEVLzejwetrqRCZ0Q1g5jTFECLPaeKwGPvP5lyef9I6xwfLMGsIjtgifh03xAdTE3KUOXI7tfOW9w-3dT0Ykz/s72-c/z_p29-Robust.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_588.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_588.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy