ජනතා රජයක් බිහි කර ගැනීමේ අයිතිය නැති කර ගැනීමේ උත්සහයක් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (29) පැවති සම්මන්ත්‍ර...
ජනතා රජයක් බිහි කර ගැනීමේ අයිතිය නැති කර ගැනීමේ උත්සහයක් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (29) පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
සංවර්ධනය යනු දිළිඳුකමෙන් පීඩා විඳින ජනතාවටද සාධාරණ ජීවන තත්ත්වයක් ගත කිරීමට හැකි ජීවන තත්ත්වයක් ගොඩ නැගීම බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
උතුරේ යුද්ධයෙන් බැටකාපු පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීම බවත් ඒ කිසිවක් ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
බොරු මත ඉදිරිපත් කරමින් ආණ්ඩුව විසින් ඡන්ද කල් දමන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
අද වන විට මත්තල ගුවන් තොටුපල විදේශිකයන්ට ලබාදීමට සූදානම් වන බවත් හම්බන්තොට වරාය විදේශිකයන්ට විකුණා ඇති බවත් ඒ මහතා පැවසීය.
මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය මඟින් ප්‍රතිලාභ හිමිවීමට තිබුණේ හම්බන්තොට, මොනරාගල, අම්පාර යන ප්‍රදේශවල ජනතාවට බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
අද වන විට ආර්ථිකය කඩා වැටී ඇති බවත් එය නැවත ගොඩනැගීම සඳහා වත්මන් ආණ්ඩුවට නිසි දර්ශනයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“උතුරේ අවුරුදු ගණනාවක් යුද්ධයෙන් බැට කාපු ඒ දමිළ ජනතාවට ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවිතය ඉහළට ගන්නට. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අයට අවස්ථාවක් දුන්නා උතුරු පළාත් සභාව පිහිටුවන්න. හැකි තරම් උත්සාහ ගත්තා මහ ඇමතිවරයා සමඟ සාකච්ජා කරලා මොනවද ප්‍රශ්න කියලා, ඒවා විසඳන්න. ඔවුන්ගේ කිසිම ආශාවක් තිබුනේ නැහැ ඒ වෙනුවෙන්. පැහැදිලියි මොකක්ද ඒ අයගේ අරමුණ කියන එක. නමුත් මේ රටේ උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, සෑම ජනතාවකගේම අවශ්‍යතාවය තමන්ට නිවසක් ලබා ගන්නට, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට, මේ අයුරින් තමන්ගේ ජීවිතය ගෙන යන්න. නමුත් මේ රජයට අපොහොසත් වෙලා තියෙනවා අද මේ එකක්වත් ලබා දෙන්න. ව්‍යවස්ථා විරෝධී වැඩ කියක් මේ රජය විසින් කර තියෙනවාද? ජන්දය බොරු මත ඉදිරිපත් කරමින් කල් දානවා. මේ ව්‍යවස්ථා සංශෝධනයක් අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා රජය උත්සාහ ගන්නේ ජනතාවට අවශ්‍ය රජයක් බිහි කර ගන්න තමුන්නාන්සේලාට ඇති අයිතිය තමුන්නාන්සේලාගෙන් උදුරා ගන්න.”
COMMENTS