ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ආර්ථික කවුන්සිලය වැඩසටහනේ කොටසක් උපුටාගෙන ගම්පෙරළිය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්...
ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ආර්ථික කවුන්සිලය වැඩසටහනේ කොටසක් උපුටාගෙන ගම්පෙරළිය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසයි.
නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
මෙම රජයේ ඇමතිවරයෙක් ඇත්ත පවසන මාධ්‍යෙව්දීන්ට නිග්‍රාහ කරමින් පාතාලයේ පුද්ගලයන් තම ආරක්ෂකයන් ලෙස තබාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙන්වාදෙයි.
අගමැතිවරයා විසින් මීට මාස ගණනකට පෙර මෙම ඇමතිවරයාව නිතීය හා සාමය ඇමතිවරයා ලෙස ජනාධිපතිට යොජනා කරන නමුත් එය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තා අසත්‍ය බව ඇමරිකානු ජනාධිපතිවරයා ද සනාථ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
COMMENTS