රටේ ආර්ථිකය බිදවැටි ඇති බවට අදවන විට රටේ අගමැතිවරයාම පවසන තත්වයක් ඊයේ (18) උදාවි ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පි...
රටේ ආර්ථිකය බිදවැටි ඇති බවට අදවන විට රටේ අගමැතිවරයාම පවසන තත්වයක් ඊයේ (18) උදාවි ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පිළියන්දල විද්‍යාශාන්ති මහ පරිවෙන් විහාරස්ථානයේ ස්ථාපිත කෙරුණු අභිනව ත්‍රිපිටක මහා සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවිම සහ ගර්භ නිදානෝත්සවය ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා.
එම අවස්ථාවෙදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“රටට වෙලා තියෙන එක අපිට වඩා ජනතාවනේ දන්නේ. ජනතාව ගිය ගිය තැන කියන්නේ මේ රටට වෙලා තියෙන දේ. රටේ ආර්ථිකය වගේම තමයි ආරක්ෂාවත්. වෙල්ගම මහත්තයා අපිට අකමැති නැහැ, අපේ නෑදෑයොනේ, එතුමා හිතවත්කම වැඩියි. ඒකයි අපි කියන්නේ. ආදරේ වැඩි වුනාම එහෙම දේවල් කියවෙනවා.”
COMMENTS