ආණ්ඩුවේ මුදලින් කෙරෙන සියලුම ව්‍යාපෘති මින් ඉදිරියට මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරමින් සිදුකිරීමටත් ශ්‍රී ලනිපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන...
ආණ්ඩුවේ මුදලින් කෙරෙන සියලුම ව්‍යාපෘති මින් ඉදිරියට මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරමින් සිදුකිරීමටත් ශ්‍රී ලනිපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන පරිදි ක්‍රියාත්මක කිරීමටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව එහි ජේයෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුව ක්‍රියාත්මක කරන රැකියා, සමාජ සුබසාධන, මහාමාර්ග හා අධ්‍යාපන ඇතුළු සියලු ව්‍යාපෘතීන් එජාප මැති ඇමැතිවරුන්ගේ හා එජාප සංවිධායකයන්ගේ මූලිකත්වයෙන් පමණක් සිදු කිරීමටද තීරණය කර ඇත.
අධ්‍යාපන ඇමැතිවරයාගේ උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක දීම, උපාධිධාරීන්ට රැකියා දීම, අලුතින් ලක්ෂයකට සමෘද්ධි සහනාධාර දීම ඇතුළු සියලු ව්‍යාපෘතිවල පූර්ණ ප්‍රතිලාභ එජාප පාක්ෂිකයන් පමණක් ඉලක්ක කර ගනිමින් කිරීමට යෝජනා වී ඇති බවද ඉහත ප්‍රකාශකයා පැහැදිලි කෙළේය. මිලියන 5,000ක් වැය කර ටැබ් පරිගණක බෙදීමේ අධ්‍යාපන ඇමැතිවරයාගේ යෝජනාව ජනාධිපතිවරයා මැදිහත් වී තුන් වරක්ම අත්හිටුවූ අතර දැන් එය කෙසේ හෝ සිදුකරන තත්ත්වයකට අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වය ගැනීමෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඉඟියක් ලෙස සැලැකේ.
දැනට ක්‍රියාත්මක කළ කිසිදු ව්‍යාපෘතියකින් එජාපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවූ හෙයින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් පක්ෂය පරාජය කිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් දැනට මුදල් අමාත්‍යාංශය හරහා සහ මහාමාර්ග අමාත්‍යාංශය හරහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ලබා දෙන මුදල් එජාපය පමණක් ලබා ගෙන වියදම් කරන බවත් ශ්‍රී ලනිප සම සභාපතිවරුන්ට කිසිදු ප්‍රතිපාදනයක් නොලැබෙන බවත් ශ්‍රී ලනිප සංවිධායකවරු දැඩි කනස්සල්ලෙන් සිටිති.
මෙම අත්තනෝමතික ක්‍රියාව ගැන ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත් ශ්‍රී ලනිප සංවිධායකයන් සූදානමින් සිටින බවද වාර්තා වේ.
[මව්බිම]
COMMENTS