පුරවැසි බලය සංවිධානය ඊයේ(29) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ මාධ්‍යවේදිනියක් කළ ප්‍රශ්න කිරිම් හමුවේ එම සංවිධානයේ ස...
පුරවැසි බලය සංවිධානය ඊයේ(29) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ මාධ්‍යවේදිනියක් කළ ප්‍රශ්න කිරිම් හමුවේ එම සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා ආවේගයෙන් කතා කිරීමත් සමඟය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමක් හරහා මුදල් වංචා සිදු කර ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පල කර ඇති ලිපිය සම්බන්ධයෙන් අදාල මාධ්‍යවේදිනිය කළ ප්‍රශ්ණ කිරිම්වලදි එම උණූසුම් තත්ත්වය හට ගෙන ඇත. මාධ්‍ය හමුවෙන් පසු ද අදාල මාධ්‍යවේදිනිය සහ ගාමිණි වියන්ගොඩ මහතා අතර උණුසුම් සංවාදයක් ද ඇති විය.
මාධ්‍යවේදිනිය අවස්ථා කිහිපයකදීම ප‍්‍රශ්න කළේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව හැරුණු කොට අදාල චෝදනා සනාථ කල හැකි වෙනත් කිසිදු ලියවිල්ලක් පුරවැසි බලය සතුව තිබේද යන්නයි.
එලෙස මාධ්‍යවේදිනිය කළ ප්‍රශ්ණ කිරිම් හමුවේ පුරවැසි බලය නියෝජිතයන් දැඩි අපහසුතාවයට පත් විය.
අදාල මාධ්‍ය හමුවට පුජ්‍ය දඹර අමිල හිමි සහ සමන් රන්නප්‍රිය මහතාද සහභාගි විය.
එම වීඩියෝව පහතින්,
COMMENTS