දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඉතිහාසය, ආගම හෝ භාෂාව සාපෙළින් ඉවත් කිරීමේ තීරණයක් නෑ"
Homeගොසිප්

"ඉතිහාසය, ආගම හෝ භාෂාව සාපෙළින් ඉවත් කිරීමේ තීරණයක් නෑ"

PropellerAds

අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවට ඇතැම් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රකාශ පිළිකුල...

'මගේ කාලයේ බැඳුම්කර සොයන්න' මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක්.
බදු නොගෙවන බහුජාතික සමාගම් සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්.
සයිටම් වෙනුවට නව ආයතන දෙකක්.


අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවට ඇතැම් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රකාශ පිළිකුලෙන් යුක්තව හෙළා දකන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 එමෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමඟ දේශපාලනය පටලවා ගනිමින් ඇතැම් කණ්ඩායම්  සිදුකරන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් මගින් රටේ ඇතැම් ජනතාව පමණක් නොව ඇතැම් විට මහා සංඝරත්නයද නොමග යවා ඇතැයිද ඔහු පවසයි.

උපුටා ගැනීම
“පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව වැනි විෂයන් ඉවත් කිරීම පිළිබඳ කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය විසින් ගෙන නොමැත. මේ පිළිබඳව සමාජය තුළ සංවාදයක් ගොඩ නැගෙන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව හේතුවෙනි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, මෙරට  විෂයමාලා සම්පාදනය සිදු කරන ජාතික අධ්‍යාපන ආයතනයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෘජුව සම්බන්ධ ආයතනයක් නොවේ.

ඒ අනුව ප්‍රශ්නගත ඉතිහාස විෂය ඉවත්කර ඇති බවට ඇතැමුන් විසින් ප්‍රකාශ කරන යෝජනා ඇතුළත් ඉතිහාසය විෂයය යනුවෙන් නම සඳහන් නොවන හර විෂය 6ක් ඇතුළත් යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයෙහි, එනම් 2013 වසරේදී පත් කරන ලද කමිටුවක් විසිනි. 

කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා යෝජනා යන මැයෙන් 2016 වසරේ දී මුද්‍රණය කොට 2017 වසරේ ජනවාරි මාසයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ. කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමක් හෝ ඒ පිළිබඳ තීරණයක් ජාතික අධ්‍යාපන ආයතනය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ දක්වා ගෙන නොමැති බව ද දන්වනු කැමැත්තෙමි. කෙසේ වෙතත් අදාළ යෝජනාවේ පවා ඉතිහාසය විෂය ඉවත්කිරීමක් සිදුකර නොතිබුණු අතර පුරවැසි අධ්‍යාපනය, ප්‍රජා පාලනය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන විෂයන් අන්තර්ගත කරමින් පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ලෙස විෂයක් යෝජනා කර තිබුණි. මෙවැනි කරුණු දඩමීමා කරගනිමින් සමාජ සංවේදී ජාතිකත්වය සහ ආගමික හැඟීම් අවුස්සන ආකාරයෙන් රටේ අධ්‍යාපනයේ කරුණු විකෘති කරමින් ඇතැම් කණ්ඩායම් ගෙන යන කරුණු දැක්වීම් කනගාටුදායකය.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඉතිහාසය, ආගම හෝ භාෂාව සාපෙළින් ඉවත් කිරීමේ තීරණයක් නෑ"
"ඉතිහාසය, ආගම හෝ භාෂාව සාපෙළින් ඉවත් කිරීමේ තීරණයක් නෑ"
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEip7e5doxp28nP0BtTfOVMdSp9DM0OJfS1aqZHs27-ZedU7YVnrjuVHmjZF4DDLsSkxjaBC_53FxJ0oOnD8vLgSJoZVmeFqUJOKUQs1HbhtX00uFo7SX8feb964Tf81PwGRfPlfQ_YfvrM/s1600/19748493_10155598596514060_5631967173125006996_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEip7e5doxp28nP0BtTfOVMdSp9DM0OJfS1aqZHs27-ZedU7YVnrjuVHmjZF4DDLsSkxjaBC_53FxJ0oOnD8vLgSJoZVmeFqUJOKUQs1HbhtX00uFo7SX8feb964Tf81PwGRfPlfQ_YfvrM/s72-c/19748493_10155598596514060_5631967173125006996_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_981.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_981.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy