සිය වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත් නොහරින බවත්, දුම්රිය වැඩ වර්ජය අද (09) දිනයේදීත් ක...
සිය වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත් නොහරින බවත්, දුම්රිය වැඩ වර්ජය අද (09) දිනයේදීත් ක්‍රියාත්මක බවත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසති.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කලේ සිය ගැටලුවට විසදුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් බලාපොරොත්තු වන බවයි.
ඔවුන් මෙම වැඩවර්ජනය නොදන්වා ආරම්භ කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
අමතර බස් යොදවන බවට රජය සඳහන් කළත් අද ඒවාද ප්‍රමාණවත් තරම් ධාවනයට එක් කර නොතිබුණි.
දුම්රිය වැඩවර්ජනය අවසන් වන තුරු දුම්රිය මගීන්ට වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබාදී තිබේ.
ලංගම බස් රථ සියල්ලක්ම මේ වන විට ධාවනයට යොදවා ඇතැයි පවසන ලංගම සභාපති රමල් වීරවර්ධන මහතා,
අද (09) දිනයේ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට යුධ හමුදාව විසින් විශේෂ හමුදා බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය.
ඊයේ (08) හදිසියේ ක්‍රියාත්මක කල දුම්රිය වර්ජනය නිසා අපහසුතාවට පත්ව දුම්රිය ස්ථාන වල රැදී සිටි මගීන් සිය ගම්බිම කරා රැගෙනයාමට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබිණ.
COMMENTS