දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යවසායක පාරාදීසයකට නියත මඟ : 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එළියට..
Homeගොසිප්

ව්‍යවසායක පාරාදීසයකට නියත මඟ : 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එළියට..

PropellerAds

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින...

දවස් 4 හොලිඩේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉහලම ආදායම වාර්තාව
බොරැල්ල කනත්ත වටරවුමට ඩඩ්ලි සේනානායකගෙ නම දාලා
වරායේ ගැටුමෙන් 5ක් රෝහලේ - මාධ්‍යවේදියකුට පහර දීමක්


ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේනම් එය වැළැක්වීමටත් අදාළ සියලූ ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව් පැවති 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලෝකයේ දියුණු වූ සෑම රාජ්‍යයක්ම ස්ව ශක්තියෙන් නැගී සිටියේ දේශීය කර්මාන්ත නගාසිටුවීමෙන් බවයි.

පිටරටින් නවීන දැනුම, තාක්ෂණය සහ උපදේශනය අවශ්‍ය නමුත් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිලිබඳ විශ්වාස තැබිය යුතු බව පැවසු ජනාධිපතිවරයා, ව්‍යවසායකයින්ට රජය මගින් ලබාදිය හැකි ඉහළම අතදීම වන්නේ ඔවුන්ට අවශ්‍ය මුල්‍ය සහ මුල්‍ය නොවන පහසුකම් සලසා දීම බව ද කියා සිටියේය.


 රාජ්‍ය බැංකුවල කාර්ය භාරය ?

 එමෙන්ම රාජ්‍ය බැංකු ලාභ ලබන මෙන්ම සේවා සැපයීමේ අරමුණ ඇතිව ක්‍රීයාත්මක වීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා රාජ්‍ය බැංකු ලබන අසිමිත ලාභයෙන් සියයට පනහක් වාණිජ ගනුදෙනු මෙන්ම සියයට පනහක් සේවා සපයන බැංකු බවට පත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ව්‍යවසායකයින් වෙනුවෙන් කෙරෙන මෙම ආයෝජන පිළිබඳව නිරන්තර පසුවිපරමකට ලක් කරමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගීම සඳහා 2018 අයවැය තුළින් රජය 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය.

රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගිත්ව ආයතන සමග ඒකාබද්ධව ක්‍රීයාත්මක මෙම වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක් :

 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන, යෝජනා ක්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක්, විදේශ ණ්‍ය ආධාර මත ක්‍රීයාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක් හා මූල්‍ය හා මුල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.

මෙකී සහන ණය යෝජනා ක්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන්කර ඇති අතර එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථීකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000 ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂා කරයි.

සංකේතාත්මකව ණය පහසුකම් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරු රැසක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29386,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යවසායක පාරාදීසයකට නියත මඟ : 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එළියට..
ව්‍යවසායක පාරාදීසයකට නියත මඟ : 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එළියට..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisTXSaRa6sGYygVafDCYEJ7rqEGQ7vKeVfS-CcnlE03WLPlNkK_B3ARjjOcnYXvfYw4c_Kea7oPx73m7aESxeM6wYrLkPoImgukUtuXZgw5JUezos_hgbCPCYHwzqLkXT6dlMiP6EWDJY/s1600/e2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisTXSaRa6sGYygVafDCYEJ7rqEGQ7vKeVfS-CcnlE03WLPlNkK_B3ARjjOcnYXvfYw4c_Kea7oPx73m7aESxeM6wYrLkPoImgukUtuXZgw5JUezos_hgbCPCYHwzqLkXT6dlMiP6EWDJY/s72-c/e2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_540.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_540.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy