ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා සිටියි.
ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රීඩකයන්ට මෙසේ උපදේශක මණ්ඩලයට ඉදිරිපත් වෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය උපදෙස් දුන්නා. නිලවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. ඒ හේතු මත ක්‍රිකට් ආයතනය මගෙන් ඉල්ලීමක් කළා සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන් යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කියා. ඒ නිසා මේ උදවියගේ සහාය රට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් (ලබාදෙන්නැයි) මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට සහයෝගය දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ මට්මකට යෑමට (ඉහළ මට්ටමකට ගෙන ඒමට) ඒ අයගේ සහාය අපට ලැබෙයි කියලා විශ්වාසය මට තිබෙනවා.”
COMMENTS