දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද රාජපක්ෂ ඔලුවට වෙඩි තියා ගනීද ?
Homeගොසිප්

මහින්ද රාජපක්ෂ ඔලුවට වෙඩි තියා ගනීද ?

PropellerAds

මීට කලකට පෙර ජපානයේ සිදුකළ සංචාරයක් අතරතුර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් මුදල් වංචා කර ඇති බව හෝ අල්ලස් ලබාගෙන ඇත...

මධුෂ්ගේ ගෝල ‘හරක් කටා’ගේ කුඩු විකුණන ‘කුඩු දොණි’ මාට්ටු
ගෙදර වැඩට ආ පෙදරේරුවා සමග තහනම් පෙම් සුව විඳි එක්දරු මවට අත්වුණු ඉරණම
හැප්පුන කෙනාට ත්‍රීවීල් එක්ක අරන් දෙන්නම් කීවත් දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි


මීට කලකට පෙර ජපානයේ සිදුකළ සංචාරයක් අතරතුර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් මුදල් වංචා කර ඇති බව හෝ අල්ලස් ලබාගෙන ඇති බව හෝ ඔප්පු කළහොත්, විදේශ රටවල ගිණුම්වල මුදල් තිබෙන බවට ඔප්පු කළහොත් ඔලුවට වෙඩි තියා ගැනීමට සූදානම් බවයි.

පැවති රජය සමයේදී මෙරට ආයෝජනය සඳහා පැමිණෙන විදේශිකයන්ගෙන් සහ විදේශ සමාගම්වලින් අල්ලස් ලබාගත් බවට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනාට චෝදනා එල්ල වූ අතර රාජපක්ෂ පවුලේ පුද්ගලයන් සතු විදෙස් ගිණුම්වල බිලියණ ගනනින් මුදල් ඇති බවටද චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එම කරුණු ඔප්පු කර ගැනීමට තවමත් වත්මන් පාලනයට නොහැකි වී ඇති අතර මේ නිසා රාජපක්ෂලාට, තමන් හොරකම් නොකළ බවට තවමත් පාරම්බෑමට හැකියාව ලැබී තිබේ.

හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතු සිදුකළ චීන සමාගමෙන් මුදල් ලබාගෙන ඇති බව මහින්ද රාජපක්ෂට එල්ල වූ එවැනි එක් චෝදනාවකි. මේ සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය 25 වැනිදා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ 2015 ජනාධිපතිවරණය සඳහා අදාල චීන සමාගම ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇති බවයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව චයිනා හාබර් සමාගම විසින් ඇතැම් චෙක්පත් සෘජුවම අරලියගහ මන්දිරයට එවා ඇති අතර මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට සෘජුවම ගෙවීම් සිදුකර තිබේ. ජනාධිපතිවරණයට දින 10 කට පෙර මෙම ගෙවීම් සිදුකර ඇති බවයි එම පුවත්පත අනාවරණය කරන්නේ.

මෙම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අයත් එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නාමයෙන් හැඳින්වෙන උප ගිණුමක් හරහායි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, චීනය සහ තවත් බටහිර රටවල නිළධාරීන් කිහිප දෙනෙකු සමග පැවති සාකච්ඡා සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාල ගිවිසුම්, ලිපි-ලේඛන අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම වාර්තාව සකස් කළ බව එම පුවත්පත ප්‍රකාශ කරයි.

රාජපක්ෂ පාලන සමයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වූ අතර එම ව්‍යාපෘතිවලින් අද වනතෙක් වැයකළ මුදලට සාපේක්ෂව කිසිදු ලාභයක් ලබාගැනීමට අසමත් වී ඇති අතර ඒ සඳහා ලබාගත් ණය ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවගේ හිසමත පැටවෙල බදුවලිනි. එසේ නැතහොත් නැවත නැවත ලබාගන්නා ණයවලිනි. කෙසේ වෙතත් එදා රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් පසු නැව්වලට ඉන්ධන සැපයීමෙන් පමණක් අතිවිශාල ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි.


විවිධ බොරු ප්‍රචාර සිදු කරමින් එදා හදිසි ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය ඉදිකළ අතර රාජපක්ෂලාගේ එම හදිසිය කුමක්ද යන්න දැන් තහවුරු වෙමින් පවතී. තමන්ගේ නම ගසා ගැනීම වෙනුවෙන් ගිනි පොළියට ලබාගත් ණය මුදල් වියදම් කරමින් මහින්ද රාජපක්ෂ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා පමණක් නොව එම ණය මුදල්වලින් මිලියන ගණන් කොමිස් මුදල් ද ලබාගෙන තිබේ. දේශප්‍රේමියෙකු බව පපුවට ගසා ගනිමින් නිතර නිතර රටේ ජනතාවට මතක් කරන මහින්දලා ක්‍රියාවෙන් දේශප්‍රේමියෙකු වූයේ ඒ අයුරිනි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පාඩු ලබමින් තිබෙන හම්බන්තොට වරාය චයිනා හාබර් සමාගමට බදුදීමට කටයුතු කළ අතර ඒ සඳහා රාජපක්ෂලාගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එපමණක් නොව ඔවුන් ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ පවා පැවැත්වීමට කටයුතු කළේය.

මහින්දගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් චයිනා හාබර් මුදල් වියදම් කරන්නේ අත පිසදා ගැනීමට නොවේ. ඒ අනුව යම් හෙයකින් මහින්ද රාජපක්ෂ 2015 දී නැවත බලයට පත්වූයේ නම් හම්බන්තොට වරාය චීනයට ලබාදීමට ඔවුන්ද කටයුතු කරනු ඇත. 

පසුගිය දශකයක කාලය තුළ ආසියානු කලාපය ඇතුළ සමස්ත ලෝකය පුරා වරාය 35 ක කටයුතු සඳහා චීනය ආයෝජනය කර ඇති අතර ඒ හරහා අදාල රටවල ආර්ථිකයට මැදිහත්වීම චීනයේ අරමුණයි. 


2015 ජනාධිපතිවරණය ආසන්නයේදී චීන තානාපතිවරයා රාජ්‍යතාන්ත්‍රික නීති උල්ලංගනය කරමින් මහින්දගේ මැතිවරණ කටයුතු සඳහා මැදිහත් වී ඇති බවත් විපක්ෂයේ ක්‍රියාකාරිකයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවෙන් මැදිහත් වී ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. 

දේශප්‍රේමී මහින්දගේ කෙරුවාව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ලෝකයටම හෙළිකර තිබේ. කප්පරක් වැරදි, දූෂණ, වංචා, අල්ලස් ගැනීම් අතරින් මේ එකක් පමණි. දැන් මහින්ද රාජපක්ෂගේ වාරයයි. වෙඩි තියාගන්නේ ඔලුවටමද නැතහොත් පපුවටද යන්න තීරණය කිරීම ඔහු සතුය.

(LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද රාජපක්ෂ ඔලුවට වෙඩි තියා ගනීද ?
මහින්ද රාජපක්ෂ ඔලුවට වෙඩි තියා ගනීද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBGbDWxtmgfK4_00uUaTMh8vR2K1KrUdXjUDXTJ7OO7YWJEv2-TXkn7Zi20OW_2LCKIFYPoQimaWp-TTGam8B1z9EKRSClfEmWa0HpDTihJGNHZIqYT4jQDJjYGjxPZkM66LV3c0LylxQ/s1600/http_%25252F%25252Fi.huffpost.com%25252Fgen%25252F3312660%25252Fimages%25252Fn-MAHINDA-RAJAPAKSA-628x314.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBGbDWxtmgfK4_00uUaTMh8vR2K1KrUdXjUDXTJ7OO7YWJEv2-TXkn7Zi20OW_2LCKIFYPoQimaWp-TTGam8B1z9EKRSClfEmWa0HpDTihJGNHZIqYT4jQDJjYGjxPZkM66LV3c0LylxQ/s72-c/http_%25252F%25252Fi.huffpost.com%25252Fgen%25252F3312660%25252Fimages%25252Fn-MAHINDA-RAJAPAKSA-628x314.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_130.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_130.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy