රජයේ කිරි මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට කිරි ලබාදුන් කිරි ගොවීන්ට මාස 03ක කාලයක සිට මුදල් ගෙවා නැතැයි කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරය...
රජයේ කිරි මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට කිරි ලබාදුන් කිරි ගොවීන්ට මාස 03ක කාලයක සිට මුදල් ගෙවා නැතැයි කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
පවතින ක්‍රමවේදයන්ට අනුව දින 14න් 14ට මුදල් ගෙවිය යුතු බවත්, එහෙත් එම ක්‍රමවේදය මේ වන විට උල්ලංඝනය කර තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක චමිල් ජයරත්න මහතා සඳහන් කළේය.
දේශීය කිරි ගොවීන්ගේ අස්වැන්නට මුදල් ගෙවීමට රජය කටයුතු නොකලද, බදු සහන ලබා දීම හරහා පිටරටින් කිරි ගෙන්වන පිරිස් දිරිමත් කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් දේශීය කිරි කර්මාන්තය විනාශ වී යන බවත් ඒ හරහා 2020 වසරේදී කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වී යන බවත් ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
COMMENTS