දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෘෂිකර්ම ඇමති, රසායනික පොහොර භාවිතයට විරුද්ධ පිලට.
Homeගොසිප්

කෘෂිකර්ම ඇමති, රසායනික පොහොර භාවිතයට විරුද්ධ පිලට.

PropellerAds

2018 වසර සඳහා කාබනික වී වගාව ඇරඹීමේ මහෝත්සවය අගුනකොළපැළැස්සේ යකාගල වෙල් යායේදී ආරම්භ කෙරිණි. එම වෙල් යායේ පිහිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ...

'ජන බලය කොළඹට' 75,000ක් ඇවිත් : සෙනග අඩු වුණේ පිළුණු කෑම නිසා?
“සුවසැරිය” මහින්දගේ ගෝලයෝ 80කගෙ දිවි ගලවයි [Video]
'වෝටර්ස් ඒජ්' අවට කලාපය විනෝදාස්වාද කලාපයක් වේ.

2018 වසර සඳහා කාබනික වී වගාව ඇරඹීමේ මහෝත්සවය අගුනකොළපැළැස්සේ යකාගල වෙල් යායේදී ආරම්භ කෙරිණි. එම වෙල් යායේ පිහිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අක්කර දෙකක් පමණ වන කුඹුරු යායෙන් මෙම කාබනික වී වගාව ආරම්භ විය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද වැඩම කර සිටියහ.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය අමරවීර මහතා,

“වසවිසෙන් තොර ගොවිතැන නැංවීමට අදාළව කටයුතු කරන ගොවි ජනතාව ඒ සඳහා තවදුරටත් උනන්දු කරවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණයි. ඒ අනුව වසවිසෙන් තොර කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා වන මගේ පළමු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

රසායනික පොහොර කෘමිනාශක භාවිතය නිසා අද අපේ රටේ ආහාර භෝගවලට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. ඒ වගේම අපේ ගොවි මහත්වරු විශාල පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ කාබනික වගාව ප්‍රවර්ධනයට විශාල මැදිහත්වීමකින් කටයුතු කළේ. උන්වහන්සේ ගෙන ගිය ව්‍යාපාරය නිසා ගොවීන් තුළ කාබනික වගාව සම්බන්ධයෙන්  විශාල උනන්දුවක් ඇති වුණා.

ඒ නිසා අද රටේ ජනතාව තුළත් කාබනික වගා නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දුවක් ඇතිවී තිබෙනවා. සාමාන්‍ය ආහාර භෝගවලට වඩා වැඩි මුදලකට කාබනික ගොවිතැන මගින් නිපදවන ආහාර භෝග අලෙවි කර ගත හැකි නිසා වර්තමානයේ එම වගාවේ නිරතවන ගොවීන්ට වැඩි අස්වැන්නක් හා ආදායමක් ලබාගැනීමට හැකිවී තිබෙනවා.

මම කිසිසේත්ම කාබනික වගාව ආපසු හරවන්නේ නැහැ. වර්තමානයේ පොහොර සහනාධාරය යටතේ කාබනික ගොවීන්ට සහන හිමිවන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කළා ඔවුන්ටත් කිසියම් මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දිය යුතුයි කියලා’’ යැයි පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29385,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෘෂිකර්ම ඇමති, රසායනික පොහොර භාවිතයට විරුද්ධ පිලට.
කෘෂිකර්ම ඇමති, රසායනික පොහොර භාවිතයට විරුද්ධ පිලට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAWUIwFnnyH8lVdtWZ22dEkKYaYZozjMQORAmh44hVoV4kBX7YzXwAzeL8RfMGJz5Fwf1MY9yRiYasTx7G3akNIs5JYZ0qn8wUZbAYkgbiY72ZxY4rNPuFZpZH7Du77Z2GczUyYm_ucs8/s1600/1440.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAWUIwFnnyH8lVdtWZ22dEkKYaYZozjMQORAmh44hVoV4kBX7YzXwAzeL8RfMGJz5Fwf1MY9yRiYasTx7G3akNIs5JYZ0qn8wUZbAYkgbiY72ZxY4rNPuFZpZH7Du77Z2GczUyYm_ucs8/s72-c/1440.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_512.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_512.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy