මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත කඳවුරු ප්‍රමාණය 92 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ස්ථානයන්හි මේ වන විට පවුල් දස දහසක් ඉක්මවා සිටින ...
මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත කඳවුරු ප්‍රමාණය 92 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ස්ථානයන්හි මේ වන විට පවුල් දස දහසක් ඉක්මවා සිටින බවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්එ.එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

හලාවත කලපුව යළි පිටාර ගලයි
එසේම මෙම සතිය තුළ දෙවන වරටත් හලාවත කලපුව අද (26) අලුයම් කාලයේ සිට පිටාර ගැලීම නිසා මේ වනවිට කලපු දැලවරේ ගම්මාන ගණනාවක ජනතාව ගංවතුර තර්ජනයකට මුහුණ පා තිබේ. වර්ෂාව තරමක් නතර වී තිබුණද කලපුවේ ජල මට්ටම නොසිතූ ලෙස ඉහළ යාම නිසා මෙම පිටාර ගැලීම සිදු වී තිබේ.
ඒ අනුව මැරවල හරින්ද්‍ර පෙදෙස, මයික්කුලම අලඹ ජුලියන් වත්ත, රිදි වැල්ල යන ගම්මානවල පවුල් 150ක් පමණ සංඛ්‍යාවකට ගංවතුර උවදුරට දෙවන වරටත් මුහුණ දීමට සිදුව ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමන් ඒ පිළිබඳව දැනුවත් නොමැති බවයි.අදාළ ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරින් හෝ වෙනත් අයෙක් මේ දක්වා තමන් දැනුවත් කර නොමැති බවද ඔහු පැවසීය.
එසේම ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසකට බලපෑ ගංවතුර නිසි ලෙසින් මහ මුහුදට බැස යාමට හැකි වන ලෙසින් ඊයේ (25) පස්වරුවේ උඩප්පුවේ මෝය කට කපා හැරීමට පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පියවර ගත්තේය. මේ නිසා අද උදෑසන වන විට එහි ගංවතුර විශාල වශයෙන් අඩු වී තිබූ බව එම ඒකකය පැවසීය.

එසේම මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ කොටුව සිටි පවුලක් බේරා ගැනීමට ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ද මේ වනතුරු තොරතුරක් ලැබී නොමැත.
ප්‍රසාද් ජයමාන්න
ඔගස්ටින් ප්‍රනාන්දු



COMMENTS