ශ්‍රී ලංකා යුද හමුදාවේ 67වන සැමරුම නිමිති කොටගෙන යාපනය ආරක්ෂක සේවා මුලස්ථානය විසින් වටිනා ඖෂධ පැල සංරක්ෂණය කොට නඩත්තු කිරීමේ ව්‍යාපෘතියක් ප...
ශ්‍රී ලංකා යුද හමුදාවේ 67වන සැමරුම නිමිති කොටගෙන යාපනය ආරක්ෂක සේවා මුලස්ථානය විසින් වටිනා ඖෂධ පැල සංරක්ෂණය කොට නඩත්තු කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය දා ආරම්භ කර තිබේ.
ඒ, යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුවයි.
මෙම ව්‍යාපෘතිය මඟින් දේශීය ඖෂධ ශාක විශේෂ ආරක්ෂා කරගැනීම, ජනතාවට ඖෂධ ශාකමය ද්‍රව්‍ය සැපයීම, ආයුර්වේද වෛද්යවරු සමග අදහස් හුවමාරු කර ගනිමින් සොල්දාදුවන් දැනුවත් කිරීම බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රේමා සිවසන්මුගරාජා මහත්මිය, ආයුර්වේද වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී විය.
COMMENTS