දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා - රුසියානු වෙළෙඳ ගණුදෙනු ඉහලට.
Homeගොසිප්

ශ්‍රී ලංකා - රුසියානු වෙළෙඳ ගණුදෙනු ඉහලට.

PropellerAds

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින්නේ ඉතා දිගු මිත්‍රත්වයක් බවත්, රුසියාව, ශ්‍රී ලංකා තේ වලට දැඩි කැමැත්තක් දක්වන නිසා අපගේ ප්‍රධාන අපනයනය ව...

තිලංගට ක්‍රිකට් මුල් පුටුව අහිමි වන ලකුණු
කොරියන් විභාගයේ ප්‍රතිඵල පිටවේ - විසිදාහකින් තුන්දාහක් පාස්
Prince of Wales Moratuwa Boys & Girls Walk 2016
ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින්නේ ඉතා දිගු මිත්‍රත්වයක් බවත්, රුසියාව, ශ්‍රී ලංකා තේ වලට දැඩි කැමැත්තක් දක්වන නිසා අපගේ ප්‍රධාන අපනයනය වන්නේ " සිලෝන් ටී " බවත්, පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුසියානු වෙළෙඳෙ ගණුදෙනු වැඩි වී තිබෙන බවත්,  එහිදී අපේ රටට වාසිදායක ලෙස අපනයනය සියයට 15% කින් වැඩි වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී මැටෙරි (Mr. Yuri Materiy ) මහතා, හමුවී කරන ලද සාකච්ඡාවේදීය.

රුසියානු තානාපති යුරී මැටෙරී මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට පැමිණියේ රුසියානු රජයේ ආරාධනාවන් කීපයක් යොමු කිරීම සඳහාය. එනම්, රුසියා ඩාවොස් (Russia's Davos ) නමින් හඳුන්වන ඉහළ පෙළේ ගෝලීය ආර්ථික සමුළුව යළිත් වරක් රුසියාවේදී ආරම්භ කරන ලෙස තානාපතිවරයා ආරාධනා කරනු ලැබීය. එහිදී රුසියානු ව්‍යාපාරික ප්‍රජාව හමුවී ශ්‍රී ලංකාවේ ආයෝජන හා අපනයනයන් පිළිබඳව ද්වීපාර්ශවික ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව උදා වේ. එසේම මෙම වර්ෂයේදී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සංසදයේ ( SPIEF ) ආර්ථික සමුළුව, ව්‍යාපාරික ප්‍රදර්ශනය, ආයෝජන හමු ඇතුළු අනෙක් අංශයන් සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වන ලෙස රුසියාවේ නියෝජ්‍ය අගමැති විලැඩිමිරොවිච් ඩ්වොර්කොවිච් ( Vladimirovich Dvorkovich ) මහතා විසින් කරන ලද ආරාධනාව අමාත්‍යවරයාට තානාපතිවරයා විසින් භාර දෙනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාව රුසියාවේ දිගුකාලීන මිත්‍රයෙක්. අප දෙරට අතර හොඳ වෙළෙඳ සහයෝගීතාවක් පවතිනවා. ඒ නිසාම අපි ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ලෝකය පුරාම ඉහළ පෙළේ ආකර්ශනයක් දිනා ගන්නා රුසියාවේ ඩාවෝස් ( Russia's Davose ) ජාත්‍යන්තර, වෙළෙඳ ප්‍රදර්ශනයටත් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සංසදයේ සමුළුවටත් සහභාගී වන ලෙස රුසියානු රජයේ නියෝජ්‍ය අගමැති විලැඩිමිරොවිච් ඩ්වාර්කොවිච් මහතා සෘජුවම ආරාධනා කර සිටිනවා. මේ සඳහා රටවල් 143 කට වැඩි ප්‍රමාණයක ආරාධිතයින් 14,000 ක් සහ ආයතන 1100 කටත් වඩා සහභාගි වෙනවා. ඒ වගේම මෙහිදී රුසියානු ව්‍යාපාරික හා ආයෝජන ප්‍රජාව හමුවී ආර්ථීක ගැටළු සාකච්ඡා කරගැනීමට මෙන්ම ද්වීපාර්ශවික වෙළෙඳ හා ආයෝජන සාකච්ඡා පැවැත්වීමට පුලුවන්කම ලැබෙනවා. එහි වාසිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවටත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා." යැයි පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

" 2018 ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සංසදයේ සමුළුව හා වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් අපේ නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට නිකුත් කිරීමට හොඳම අවස්ථාවක් උදා වෙනවා. ඒ සඳහා අපේ රටට ආරාධනා කිරීම ගැන මම ඔබගේ නියෝජ්‍ය අගමැතිතුමා ප්‍රමුඛ රුසියානු රජයට ස්තූතිවන්ත වෙනවා. මම මේ ගැන අපේ වාණීජ දෙපාර්තමේන්තුව හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡා කර සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. මේ මඟින් අපගේ අපනයනයන් ඉහළ නැංවීමට හැකිවෙනවා. ඒ වගේම පසුගිය වසරේදී අප දෙරටේ වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම වැඩි වෙලා තියෙනවා. අප රුසියාවට කරන අපනයන ප්‍රමාණය සියයට 15% කින් පමණ වැඩි වෙලා තියෙනවා. වර්ෂ 2016 දී අප රුසියාවට කළ අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 182 ක් වුණා. එය 2017 දී ඇමරිකානු ඩොලර් මිලියන 210 දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම 2016 දී දෙරටේ වෙළෙඳ ගණුදෙනු සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 381.71 ක් වූ අතර එය 2017 දී ඇමරිකානු ඩොලර් මිලියන 384.63 දක්වා වැඩි වෙලා තියෙනවා. ගිය වසරේ අපි රුසියාවට කරන ලද අපනයනයන්ගෙන් සියයට 83% ක්ම ශ්‍රී ලංකා තේ වලට හිමි වුණා. මීට අමතරව අප ඇඟළුම්, ටයර්, තන්තුමය ද්‍රව්‍ය සහ නූල් ප්‍රධාන වශයෙන් රුසියාවට අපනයනය කරනවා. ඒ නිසාම මෙම රුසියානු ප්‍රදර්ශනයට හා ආර්ථික සමුළුවට අප සහභාගී වීම අපගේ අපනයන වැඩි කිරීමට හේතු වෙනවා." යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා - රුසියානු වෙළෙඳ ගණුදෙනු ඉහලට.
ශ්‍රී ලංකා - රුසියානු වෙළෙඳ ගණුදෙනු ඉහලට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9aAt7EFIS_nk19jUyWtbqFys512YXaYWzqCpZVfM2vSv1knUD92vuSX3AVmOXuwFtXZRO9QhkRLcn_UXvr4SwE8ApCT2EMXK2JARY56RpWuZZhkFIk_Xavpx-oM1Svg3hBAacUlglvQc/s1600/Russian+Ambassoder2.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9aAt7EFIS_nk19jUyWtbqFys512YXaYWzqCpZVfM2vSv1knUD92vuSX3AVmOXuwFtXZRO9QhkRLcn_UXvr4SwE8ApCT2EMXK2JARY56RpWuZZhkFIk_Xavpx-oM1Svg3hBAacUlglvQc/s72-c/Russian+Ambassoder2.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_155.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_155.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy