කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ආයතන දෙකක් මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක් සහ රුපියල් ලක්ෂ නමය බැගින් වූ කුලියකට කොළඹ නගරයේ පෞද්ගලික ගොඩනැගිලි දෙකක...
කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ආයතන දෙකක් මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක් සහ රුපියල් ලක්ෂ නමය බැගින් වූ කුලියකට කොළඹ නගරයේ පෞද්ගලික ගොඩනැගිලි දෙකක වසර තුනක පමණ කාලයක සිට පවත්වාගෙන යන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එම ආයතන දෙක වන්නේ කෘෂිකර්ම උපදේශක කවුන්සිලය සහ හදබිම අධිකාරියයි. ඔවුන්ට මෙලෙස පුද්ගලික ගොඩනැගිලි දෙකක රාජකාරි කිරීමට සිදුව ඇත්තේ බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටා තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යාම හේතුවෙනි.
ගොවිජන මන්දිරය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු සියලු ආයතන ස්ථාපිත කර තිබුණත් එම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් මෙලෙස පෞද්ගලික ගොඩනැගිලිවලට ගෙන ගියේය.
මේ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත රටේ නන් දෙසින් පැමිණෙන ගොවි ජනතාවට අදාළ ආයතන සොයා ගැනීමට නොහැකිව බරපතළ පීඩාවට පත්ව තිබේ.
COMMENTS