දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා’ - කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි
Homeප්‍රවෘත්ති

‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා’ - කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි

PropellerAds

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කරයි. එම වෛද්‍...

සජිත් ජනාධිපති අපේක්‍ෂක නොකලොත් මං යනවා - හරීන් එජාපයට කෙලින්ම කියයි
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි.. වසරකට කෝටි 12යි.. විදුලියට කෝටි 08යි.. ජලය ලක්‍ෂ 90යි !
අගමැති රනිල්ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කරයි.

එම වෛද්‍යවරයා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

--------------

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා.

මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටු වලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.

“රැකියාව සම්බන්ද මානසික ආතතිය” කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන “සීමාවාසික අවුරුද්ද”(Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිරයි.

මෙතෙක් ආව කොරෝනා රෝගීන් ප්‍රමණය, ඔවුන්ට අමාරුවෙන විදි, ඔක්සිජන් දිය යුතු රෝගීන් සංඛ්‍යාවන්, අමාරු වෙන රෝගීන්ගෙ වයස් මට්ටම්, මේ හැම දෙයක්ම එක සතියකින් වෙනස් වෙලා ගියා.

ඒක ලොකු වෙනසක්. වාට්ටුවට ඇතුළත්වෙන රෝගීන් සංඛ්‍යාව හරියටම තුන්ගුණයකට වඩා වැඩිවෙලා. ඒ වෙනදට වඩා සෑහෙන්න තෝරාබේරාගෙන රෝගීන් ඇතුළත් කිරීම කරන තත්වයක් ඇතුළෙ. ඉස්සර ටික ටික අමාරුවෙන අවුරුදු හැත්තෑවෙ අසූවෙ අම්මල තාත්තල වෙනුවට දැන් බලන් ඉද්දි අමාරුවෙන්නෙ අවුරුදු තිස් හතලිස් ගණන් වල අයට.

තවමත්, මතක තබා ගන්න “තවමත්”, ඔක්සිජන් සැපයුම, ඒවාට අදාළ යන්ත්‍ර උපරිම සීමාව යටතේ හරි ක්‍රියාත්මක වෙමින් තියෙන තත්වයක් ඇතුළෙත්, මිනිස්සු මැරෙන්නෙ බලන් ඉද්දි!

අවුරුදු හතලිස් ගණන් වල අම්මා කෙනෙක් තමන්ගෙ දුව ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳල මැරෙද්දි, CPAP යන්ත්‍රයකට සවි කරල තියෙන නිසා, කතා කරන්න අපහසු බිරිඳක් තමන්ගෙ සැමියගෙ අතින් අල්ලන් ඇස් වලින් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දි,

තමන්ගෙ බිරිඳ නිවුන් දරු උපතකට සූදානම් වෙන මේ වෙලාවෙම, අවුරුදු 27 ක තරුණ සැමියෙක්,කරන්න තියෙන හැමදේම කරලත් බැරිඋනාම අමාරුවෙන් හොයාගත්තු දැඩිසත්කාර ඒකකයකට පටවල යවනව දකිද්දි,

මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔලුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙමෙයි ගැටළුව. ඔලුවට දැනෙන මේ බර වැඩිවීම.

ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්මගනිද්දි, “අපි මොනවහරි කරල තමන්ව බේරගන්නව නේද” වගේ එල්ලවෙන බැල්මවල් වලට මුහුණදීම.

දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා.

තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා.

ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ හවසගෙදර ආවම තමයි දැක්කේ ******* ********* කියන ගස්ලබ්බා කියල තිබ්බ කතාව. “මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.

මේ ලියමන මෙතනින් නවත්තනවා. මොකද බ්ලොක් නොවන භාෂාවකින් මෙතනින් එහාට ලියන්න මම දන්නෙ නැහැ.

හැකි අයුරින් ප්‍රවේශම් වෙන්න!
පුළුවන්කමක් තියේනම් සියලුවැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න!

මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ !
………………………………………………………
ප.ලි. කොරෝනා වාට්ටු දෙකේ වැඩ කරන වෛද්‍යවරු 12 න් එක්අයෙකුටත්, හෙදියන් 30 කට ආසන්න ප්‍රමාණයෙන් 10 ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරොනා වැළඳිලා තියෙනවා.

– වෛද්‍ය නජිත් ඉන්දික


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා’ - කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි
‘මිනිස්සු මැස්සො වගේ මැරෙනවා’ - කොරෝනා වාට්ටුවක වෛද්‍යවරයෙක් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi07eCCxaBiqogfvyQs3_qhb5AoZunm1MXB-kZfOjG4-tBe-suXgmIDkez4PU1FgCpeKCwVNZSzi9_OYn7djhdPmRRDjBBAjyE9C-mds13djEG0ngLgnCUU-EBptBDokVmzeyYnpNF2D3RM/s320/doctor.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi07eCCxaBiqogfvyQs3_qhb5AoZunm1MXB-kZfOjG4-tBe-suXgmIDkez4PU1FgCpeKCwVNZSzi9_OYn7djhdPmRRDjBBAjyE9C-mds13djEG0ngLgnCUU-EBptBDokVmzeyYnpNF2D3RM/s72-c/doctor.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_949.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_949.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy