දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ ය' යන කියමන අද පාර්ලිමේන්තුවේදී සත්‍ය වේවි - විමල් (VIDEO)

ජනතාවගේ විශ්වාසය භංග වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ අද විශ්වාසභංග යෝජනාවෙන් ජය ගන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය වෙන...

'මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ ය' යන කියමන අද පාර්ලිමේන්තුවේදී සත්‍ය වේවි - විමල් (VIDEO)

ජනතාවගේ විශ්වාසය භංග වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ අද විශ්වාසභංග යෝජනාවෙන් ජය ගන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය ශක්තිය අවදිව ඇති නිසා බවත් 'මුදල් කතා කරන විට සත්‍යය නිහඬ වන්නේ ය' යන කියමන අද රාත්‍රියේ පාර්ලිමේන්තුවන්තුවවේදී සත්‍ය වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“පාර්ලිමේන්තුව තුළ මොනර කොළ කතා කරන්න පටන් අරන් තියනවා. ඇතැමුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය කතා කිරීමට පටන් අරන්. මට මේ අවස්ථාවේ සිහියට එන්නේ 'මුදල් කතා කරන විට සත්‍යය ද වන්නේ ය' යන ප්‍රකට රුසියානු කියමනයි. මහනුවර සිදු වූ සිංහල - මුස්ලිම් ගැටුම සමනය කිරීමට කටයුතු නොකිරීම ගැන අගමැතිවරයාට, ආණ්ඩුවට ඇඟිල්ල දික් කරපු රවුෆ් හකීම් ඇමතිවරයා අද මේ මොනවද කියන්නේ ? ඒ සිදුවීමට එදා ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරපු මුස්ලිම් ඇමතිවරු අද අගමැතිවරයාට විශ්වාසය පළ කරනවා. අපි කියනවා, 'මේ මොනර කොළවලට යට වෙලා අද පාර්ලිමේන්තුවේ කතා කරන තමුන්නාන්සේලාගේ රෙදි මුස්ලිම් ජනතාව ඉදිරියේ ගැලවිලා ඉවරයි' කියලා. ලක්ෂ අටසීයකට, දාහකට විකිණෙන උදවිය නිසා රනිල් වික්‍රමසිංහට තමන්ගේ දේශපාලන ප්‍රාණය රැක ගැනීමට පුළුවන් වේවි. නමුත් මෙම විශ්වාසභංගයෙන් පසුව රටටත් ජනතාවටත් ලැබෙන ජයග්‍රහණ රැසක් තිබෙනවා. බටහිර - ඉන්දියාවේ උවමනාව අනුව කටයුතු කරන මේ ජාතික ආණ්ඩුවේ ප්‍රාණය අද රාත්‍රියේ අවසන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් එය සිදු වෙනවා. එ වගේම මින් ඉදිරියට මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රෙජිමයට පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමි වෙනවා රණවිරු දඩයම් පනත්, ජනතාවට බදු පනත් 2/3න් සම්මත කර ගත් කාලය අදින් ඉවරයි.

සති දෙකේ අලුත් රනිල් කෙනෙක්

අපි සති දෙකක කාලයකට එක්සත් ජාතික පක්ෂයට වෙනස් රනිල් කෙනෙකු හදා දුන්නා. පක්ෂ ප්‍රතිසංස්කරණය ගැන කතා කරන, මන්ත්‍රීවරුන්ට ඇහුම්කන් දෙන රනිල් කෙනෙක් අපි හදා දුන්නා. නමුත් ඒ සියල්ල අද රාත්‍රියෙන් අවසන්. ඔබ මේ විශ්වාසභංගය පරදවා ප්‍රාණය දෙන රනිල් වික්‍රමසිංහ අර පරණ රනිල් වික්‍රමසිංහමයි. තමුන්නාන්සේලා අද ප්‍රාණය දීලා, කරේ තියන් රනිල් වික්‍රමසිංහ සමග කොතැනද යන්න හදන්නේ? ගමේ එක්සත් ජාතික පාක්ෂිකයාට ලැජ්ජා හිතෙන අන්දමේ හොරකම් කරපු මේ රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතික පක්ෂයට යන්න වෙන්නේ දේශපාලන කනත්තට පමණයි. දැනටත් එයා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 29%ට බස්සලා ඉවරයි.

බොරු දූෂණ විරෝධය පෙන්වන රන්ජන් රාමනායකලා, දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ලෙසින් රනිල් වික්‍රමසිංහ හඳුන්වපු චම්පික රණවකලා අද මහ බැංකු හොරකමේ මහ මොළකරු රනිල් සුරකින්න සූදානම්. මොනර කොළවලට විකිණෙන, තම හෘදය සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය වෙනුවෙන් පෙනී සිටින ඔළුගෙඩිවලට ඉදිරි මැතිවරණයේදී හොඳ පාඩමක් ඉගැන්වීමට මේ රටේ ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කරන බව අපට විශ්වාසයි. 'මේ විශ්වාසභංගය අපි දිනුවත් දිනුම් - පැරදුනත් දිනුම්' කියලා කිව්වෙ නිකං නොවෙයි. මේ පරගැති ආණ්ඩුවේ ගමන රනිල් වික්‍රමසිංහ දිනුවත් පැරදුණත් එලෙසින්ම යා නොහැකි නිසයි. හෙට සිට ජාතික ආණ්ඩුව අහෝසියි. තුනෙන් දෙක අහෝසියි.'' යැයිද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින්,

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29604,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ ය' යන කියමන අද පාර්ලිමේන්තුවේදී සත්‍ය වේවි - විමල් (VIDEO)
'මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ ය' යන කියමන අද පාර්ලිමේන්තුවේදී සත්‍ය වේවි - විමල් (VIDEO)
http://am.lk/media/k2/items/cache/4e7c85a590cb32f224350b822682defc_S.jpg
https://i.ytimg.com/vi/ns8QJhnDBtM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy