අජිනමොටෝහි අඩංගු MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටාමේට් රසකාරකය 2017 වසරේදී මෙට්‍රික් ටොන් 2000ක් ලංකාවට ආනයනය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ...
අජිනමොටෝහි අඩංගු MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටාමේට් රසකාරකය 2017 වසරේදී මෙට්‍රික් ටොන් 2000ක් ලංකාවට ආනයනය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
එම සංගමය පෙරේදා (26) කොළඹදි මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව සදහන් කළේය.
එම්.එස්.ජි හෙවත් මොටෝ වර්ගයේ රසකාරකය පකිස්ථානය ඇතුළු රටවල් විසින් තහනම් කර ඇති බවත් කුඩා දරුවන්ගේ මොළය සමඟ ඇති කරන ක්‍රියාකාරීත්වයටද මෙයින් බලපෑම් එල්ල කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.
MSG රසකාරකයක් ලෙස පරිභෝජනය කිරීමෙන් ස්ථුලතාව, දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇති කිරීමට සමත් වන බවත් කලල බන්ධනය මඟින් මවගෙන් දරුවාට ග්ලුටාමේට් පරිවහනය සිමා වුවත් අධික මාත්‍රාවන්ගෙන් MSG පරිභෝජනය කිරීමෙන් ස්ථුලතාව හා දියවැඩියාව ඇති වීමේ අවධානම මත අධික අඩු බර දරුවන් බිහිවන බව නිරීක්ෂණය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
COMMENTS