දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට.
Homeගොසිප්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට.

PropellerAds

කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුරදී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ ජා.මූ....

'සූර්යාභිෂේකය' අවුරුදු උත්සවය අවසන් භාගයේ : සංස්කෘතික මංගල්‍යයට සියල්ල සුදානම්.
නියෝජ්‍ය නායකධූර වැඩි කරනවාට සජිත් විරුද්ධ වෙයි.
මලික් ඉල්ලා අස්වෙයි : ශ්‍රීලනිප ඇමැතිවරුනුත් ඉවතට?
කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුරදී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ ජා.මූ. අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී, මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

“ජා.මූ. අරමුදලේ නිලධාරි කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි සිව්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවයකට එළැඹියේය. බලධාරීන් විසින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මගින්, වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගන්නා ලදී. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හමුවේ උද්ධමනය, දෙසැම්බර් මාසය සඳහා වූ ඇතුළත සීමාවෙහි ඉහළම අගය ඉක්මවුවද, එතැන් සිට නැවතත් ඇතුළත සීමාව තුළට පැමිණ ඇත. ඇතැම් ප්‍රමාදයන් හමුවේ වුවද, සම්පූර්ණ කිරීමට ඇති සියලුම ව්‍යූහාත්මක නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති.”

 “කාලගුණික තත්ත්වය ආශ්‍රිතව ඇතිවූ කම්පනවල බලපෑම හේතුවෙන් 2017 වසරේදී වර්ධනය මන්දගාමී වුවද, පසුව, කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ආහාර මිල ගණන් පහළ වැටුණු අතර, ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2018 වසරේදී ද.දේ.නි.යෙහි වර්ධනය සියයට 4.0 ක මට්ටමකට පත් වනු ඇති අතර, උද්ධමනය සියයට 5.0 ට වඩා අඩුවෙන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන යථා තත්ත්වයට පත් වෙමින් ඇති අතර මෑතදී නිකුත් කළ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි සාර්ථක අධි දායකත්වයක් ලැබුණි. කෙසේ වුවද, රටෙහි රාජ්‍ය ණය තත්ත්වය තවදුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම, ඉහළ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා පැවතීම සහ විදේශ අංශයේ බාහිර ආරක්ෂණ (External Buffers) අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනයන් සඳහා අවදානමක් පෙන්වයි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvVJuu4c12RL6NtPHpzEM0awhRohq184GXJhsfkidDailGyY7imxFtpybN_HK7rVQ3-pogz1qoLPvSn20yhhN-HtoIvNN87DJto0TpzzanrBoQ0LFX9EzmQkC-J5UI6VgFdE8J8UBx_kY/s1600/manuela-goretti-IMF.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvVJuu4c12RL6NtPHpzEM0awhRohq184GXJhsfkidDailGyY7imxFtpybN_HK7rVQ3-pogz1qoLPvSn20yhhN-HtoIvNN87DJto0TpzzanrBoQ0LFX9EzmQkC-J5UI6VgFdE8J8UBx_kY/s72-c/manuela-goretti-IMF.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_936.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_936.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy