"නැවුම් තේ මංගල්‍ය 2018" වැඩසටහන අද (30) දෙනියාය, ගැටබරුව රජ මහා විහාරස්ථානයේදී පැවති අතර මෙවර එය පැවැත්වුනේ දෙවැනි වරටයි. අග්...
"නැවුම් තේ මංගල්‍ය 2018" වැඩසටහන අද (30) දෙනියාය, ගැටබරුව රජ මහා විහාරස්ථානයේදී පැවති අතර මෙවර එය පැවැත්වුනේ දෙවැනි වරටයි.
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, ව්‍යපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
කිරිපිඬු බුද්ධ පූජාව සහ නැවුම් තේ මංජුසා රැගත් පෙරහැර කොටපොළ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති පරිශ්‍රයේ සිට ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඉහල මළුව කරා උදෑසන පෙරහැරින් රැගෙන විත් ඉහල මළුවේදී නැවුම් තේ මංගල්‍ය චාරිත්‍රය පවත්වනු ලැබීය.
COMMENTS