ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමෙන් පසු නව මහලේකම්වරයා ලෙස තාවකාලික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්ක...
පත්කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරු 7 ට පමණ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ඇරඹි අතර
පැය 2 කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍යට අදහස් දක්වමින් මෙම තීරණය දන්වා සිටින ලදි.
පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කළ බවත් නව ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳ තීරණ ලබාගත් බවත් නිශාන්ත මුතු හෙට්ටිගම මහතා පැවසීය. දයාසිරි ජයසේකර නව මහලේකම්වරයා දන්වා සිටියේ පක්ෂය හැරගිය අය නැවත ගෙන්වා ගනිමින් පූර්ණ වෙනසකට ලක්කරන බවයි.
COMMENTS