විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේ දී ඡන්දය ලබාදීමෙන් වැලකී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උ...
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේ දී ඡන්දය ලබාදීමෙන් වැලකී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේවෙතත් විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විවාදයට අද(04) දහවල් පාර්ලිමේන්තුවේදී එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි.
එමෙන්ම විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් තමන්ට විරුද්ධවිය නොහැකි බව ද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.
මේ අතර 'මව්බිම' පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ සඳහන් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අද දිනයේ විවාදයට ගැනෙන විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ සමඟ එජාපයේ මන්ත්‍රි කණ්ඩායමක්ම ඡන්දය භාවිත කරන බවයි.
මේ සම්බන්ධයෙන් එජාපයේ බොහෝ පිරිසක් තමන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.
ඒ සියලු දෙනාම ඇතුළත් එජාප මන්ත්‍රි කණ්ඩායමට විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීම සඳහා තමන් වහන්සේගේ නායකත්වය ලබාදෙන බවද රතන හිමියෝ එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබිණි.
COMMENTS