වෙසක් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නතර කිරීමට සහ එදින දන්සල් නතර කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවකට ඊයේ(24) පැවැති කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන්...
වෙසක් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නතර කිරීමට සහ එදින දන්සල් නතර කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවකට ඊයේ(24) පැවැති කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන්ගේ විරෝධය එල්ල වී තිබේ.
බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එම යෝජනාව ගෙන එමින් සඳහන් කර ඇත්තේ මෙය නාහිමිවරුන්ගේ ඉල්ලීමක් බවයි.
වෙසක් පොහොය දිනයේ පමණක් වෙසක් තොරණ ප්‍රදර්ශනය නොකිරීමට සහ දන්සල් නැවැත්වීමට යෝජනා කළ ඇමැතිවරයා තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පසු දින සිට පැවැත්විය හැකි බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
වෙසක් පොහොය දින දන්සල් පැවැත්වීම සහ තොරණ ප්‍රදර්ශනය කාලයක් තිස්සේ පැවැත ආ නිසා එය නැවැත්විය නොහැකි බව කියමින් ඇමැතිවරු කිහිප දෙනෙක් ඊට විරෝධය දක්වා තිබේ.
කැමැති අයට එය වෙසක් පොහොය දින කළ හැකි බවත් කැමති අයට එය වෙසක් පොහොයෙන් පසු සිදු කළ හැකි බවත් ඇමැතිවරු ප්‍රකාශ කර තිබේ.
තොරන් ප්‍රදර්ශනය තහනම් ද?
කෙසේ වෙතත් වෙසක් පොහෝ දිනයේ වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරීම කිසිසේත් තහනම් කර නොමැති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පවසයි.
අද(25) පෙරවරුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ සඳහා ඉල්ලීමක් පමණක් සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS