බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතු යායේ වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති දෙකක සාමාජිකත්වය දරන වතු කම්කරුවන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකි...
බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතු යායේ වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති දෙකක සාමාජිකත්වය දරන වතු කම්කරුවන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබු දෙදෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.
එම වතු යායේ සතු තේ ඉඩම් වතු කම්කරුවන් අතර වතු පාලන අධිකාරිය විසින් බෙදා දිම සම්බන්ධයෙන් එම වෘත්තිය සමිති දෙකේ සාමාජිකයන් අතර ඇති වි ඇතැයි කියන මතභේදයක් හේතුවෙන් ඊයේ (17) රාත්‍රි 7.00 පමණ මෙම ගැටුම සිදු වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියි.
මෙම ගැටුමෙන් තමන්ගේ බෑණා විසින් තමන්ගේ හිසට පොරවකින් පහර දුන් බව පවසමින් තුවාල සහිතව කාන්තාවක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර නැන්දම්මාට පහර දුන්නේයයි කියන බෑණාද තමන්ට පිරිසක් විසින් පහර දුන් බව පවසමින් ඔහුද එම නේවාසිකව රෝහලේම ප්‍රතිකාර ලබයි.
තුවාල ලබා සිටින බෑණා සහ නැන්දම්මා මෙම ගැටුමට සම්බන්ධ මත දෙකක් දරන වෘත්තිය සමිති දෙකක සාමාජිකත්වය දරන බව අතර නැන්දම්මා නියෝජනය කරන වෘත්තිය සමිතිය වතු කරයේ ඉඩම් කොටස් කර වතු කම්කරුවන්ට බෙදා දිය යුතු බවත් , බෑණනුවන් සාමාජිකත්වය දරන වෘත්තිය සමිතිය වතු ඉඩම් කම්කරුවන්ට බෙදා නොදිය යුතු බව පවසමින් මත දෙකක සිටිම නිසා මෙම ගැටුම හට ගෙන ඇත.
දෙපාර්ශවයම ලද පැමිණිලි මත ගැටුමට සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS