පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයේදී වැරදීමකින් හරි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වී සිටියානම් ඔහු මහින්ද රාජපක්ෂ ගියා වගේ ධුරය අතහැර නොයන බව...
පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයේදී වැරදීමකින් හරි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වී සිටියානම් ඔහු මහින්ද රාජපක්ෂ ගියා වගේ ධුරය අතහැර නොයන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ඒ පසුගිය 03 වනදා පැවති එම පක්ෂයේ 2018 පළාත් පාලන නියෝජිත හමුවට සහභාගී වෙමින් කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි පසුගිය මැතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලුවේ තීරක බලය සභා පිහිටුවන්න. අපිට සභා නමයක තීරක බලය මේ වෙන කොට ලැබිලා තියෙනවා. මට පසුගිය දවසේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් කතා කරලා සමහරක් සභා වල බලය පිහිටුවන්න අපේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කළා. තොණ්ඩමන් මහතා මට කතා කරා, දිගම්බරන් ඇමතිතුමා මට කතා කරා මේ හැමෝම අපේ සහය ඉල්ලනවා ගාල්ලේ මන්ත්‍රීවරයෙක් මට කතා කරලා එක්සත් ජාතික පක්ෂයේ නගර සභාව හදන්න උදව් කරන්න කිව්වා. මම ඒ වෙලාවේ එතුමට කිව්වා අපිට අවුරුද්දකට නගරාධිපති කම දෙන්න කියලා. මේ පාර මැතිවරණයේදී සියලු දේශපාලන පක්ෂ වලට රටේ මහජනතාව පාඩමක් උගන්වලා තියෙනවා. මැතිවරණයේදී ජනතාව ජාතිවාදී පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි කියනවා අපිට ජාතිවාදී අදහස් එක්ක තව දුරටත් ගමනක් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන දේශපාලන ව්‍යපෘතියකට විතරයි පවතින්න පුළුවන්.”
දැන් බලන්න මේ අගමැතිවරයට සහ ආණ්ඩුවට ජනතාව පණිවුඩයක් දීල තියෙනවා ඔහුගේ බලය රටේ මහජනතාව පිලිනොගන්නා බවට දැන් ආණ්ඩුව ඇතුලෙම පිරිසක් අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න යනවා නමුත් අගමැතිවරයා ඉවත් වෙන්න සුදානමක් නැහැ. කුරදීල හරි රාජපක්ෂ මහත්තය වෙනුවට ඒ ජනාධිපති පුටුවේ මේ අගමැතිවරයා හිටියා නම් කවදාවත් යන්නේ නෑ. මොනව වුනත් රාජපක්ෂ මහත්තයා තමන් පරාජයට පත්වුනාට පස්සේ එදා පිටවෙලා ගියා. මේ අගමැතිවරයා ජනාධිපති වෙලා හිටියනම් කවදාවත් යන්නේ නැහැ බලයට කෑදරකමේ ඒ පුටුවෙම එල්ලිලා ඉදීවි. අද ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ ජනාධිපතිතුමා කතා කරනවා ඇක්ෂන් නෑ NATO බවට පත්වෙලා No Action Talk Only අපි කියනවා. මේ ආණ්ඩුවට කරුණාකරලා හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න කියලා. අද මේ රට සුවිශේෂි තැනකට ඇවිත් තියෙනවා රට භාර දීලා තියෙනවා ජනාධිපති තුමාට, ආණ්ඩුව භාරදීල තියෙනවා අගමැති තුමාට, පළාත් පාලනය භාරදීල භාරදීල තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයට ඔන්න පුළුවන්නම් දැන් වැඩ කරලා පෙන්වන්න කියලා අපි මේ නායකයෝ තුන් දෙනාටම කියනවා. අපි ගමේ වැඩ කෙරෙන විදිය හොදට ඇහැ ගහගෙන ඉන්නවා. අපි හොද දේට ශක්තිමත් විදියට සහය දෙනවා. නරක දේ පැහැදිලි ලෙස විවෙිචනය කරනවා” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS