දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා - තිස්ස ජනනායක
Homeප්‍රවෘත්ති

ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා - තිස්ස ජනනායක

PropellerAds

ගෝ ඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක ...

එජාපය මැතිවරණයකට යන්න බයයි
පසුගිය කාලේ රජයක් ලෙස අපේ අඩුපාඩු තිබුණා - හැරිසන්
"මගේ ප්‍රකාශය වැරදි ලෙස මාධ්‍ය අර්ථකථනය කළ නිසයි මම අයින් වුණේ" - විජයකලා
ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දෙද්දී පරණ දූෂිත අමන හොරු බහුතරයක් ඒ සඳහා නම් වී ඇති බවත් වියතුන් කැපී ඉවතට විසි වී ඇති බවත් ඔහු පවසයි.

තම සමාජජාල ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එම සම්පූර්ණ සම්පූර්ණ සටහන මෙහි දැක්වේ.

මගේ දේශපාලනය

මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා ‘මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ ” යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර “පච” වීමද එයට තවත් හේතුවකි.

නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

-ප්‍රසිද්ධිය
-අභිමානය
-ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
-තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන “සැකයෙන්” බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් “දුප්පත්කම” අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ “මල් බඳුන” ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.
සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.

අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි.
නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර “වියත්මග” තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු “පරිසර ඇමති” වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

– තිස්ස ජනනායක FB
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා - තිස්ස ජනනායක
ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා - තිස්ස ජනනායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-77Umdju33EtNVSBqFq_m61BRU3g2Q209u3coPrNj3HZrhcWMbywtsycHIxeSu8ikHs9c-6amecQU88OMvkRJ0kFuw5Fs4800G10HsgK2wdWAkVxAXoUmMl09Ogs2_0GnsoaySja0Un4/s320/thissa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-77Umdju33EtNVSBqFq_m61BRU3g2Q209u3coPrNj3HZrhcWMbywtsycHIxeSu8ikHs9c-6amecQU88OMvkRJ0kFuw5Fs4800G10HsgK2wdWAkVxAXoUmMl09Ogs2_0GnsoaySja0Un4/s72-c/thissa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy