අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 4 වැනි දා විවාදයට ගැනීම සඳහා පක්ෂ නායකයින් අද (28) තීන්දු කළේය. අගමැතිවරයාට එර...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 4 වැනි දා විවාදයට ගැනීම සඳහා පක්ෂ නායකයින් අද (28) තීන්දු කළේය.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 4 වැනි දා රාත්‍රී 9.30ට අවසන් කෙරුණු පසුව ඡන්ද විමසීමක් පැවැත්වීමට ද එම ඡන්ද වීමසිම පාර්ලිමේන්තුවේ අලුතින් ක්‍රියාත්මක කරන ලද විද්‍යුත් ක්‍රමයට නොපැවැත්වීමට පක්ෂ නායකයෝ තීන්දු කර ඇත.
ඒ අනුව ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ ආසන ස්ථානගතකර ඇති ක්‍රමයට පෙළින් පෙළට සිදුකිරිමට ද පක්ෂ නායකයින් එකඟතාවය පළ කර තිබේ.
එම විවාදය එදින පෙරවරු 10 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙන අතර දිවා විවේකයක් නොමැතිව අඛණ්ඩව විවාදය පැවැත්විමට ද එහිදී පක්ෂ නායකයන් තීන්දු කර තිබේ.
පාර්ලිමේන්තු සංකීරණයේ අද (28) පැවති පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඊට තිලංග සුමතිපාල, අනුර කුමාර දිසානයක, දිනේෂ් ගුණවර්ධන,මනෝ ගනේෂන්,ලක්ෂ්මන් කිරි ඇල්ල, රවී කරුණානායක සහ අජිත් පී.පෙරේරා යන මහත්වරු සහභාගී වී තිබිණි.
COMMENTS