කොළඹ නාගරික කොමසාරිස් ධූරයේ කටයුතු කළ වී.කේ.ඒ.අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරක් පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ වෘත්...
කොළඹ නාගරික කොමසාරිස් ධූරයේ කටයුතු කළ වී.කේ.ඒ.අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරක් පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.
අද (05) පෙරවරු 9.00ට කොළඹ මහ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට දී එම විරෝධතා ව්‍යාපාරය පවත්වන බව කොළඹ මහ නගර සභා ඒකාබද්ධ බලමුළුවේ සභාපති ඩබ්ලිව්.ඒ.කරුණාදාස මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල, කුණු කන්ද නායයෑම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සැලකිල්ලට ගනිමින් වි.කේ.ඒ.අනුර මහතා නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පසුගියදා පියවර ගනු ලැබීය.
අදාළ තීරණය ඉවත් කර ගන්නා ලෙස කොළඹ මහ නගර සභාවේ වෘත්තීය සමිති 12ක් ආණ්ඩුකාරවරයාගෙන් මේ වන විටත් ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇති බව කරුණාදාස මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල කසල අංගනය වෙත කසල බැහැර කිරීම වී.කේ.ඒ. අනුර මහතා එම ධූරයට පත්වීමට පෙර ගෙන තිබූ තීරණයක් වන අතර ඔහු කොමසාරිස් ධූරයට පත්වීමෙන් අනතුරුව එම ස්ථානය වෙත කසළ බැහැර කිරීම අවදානම් බවට අවස්ථා ගණනාවකදී බලධාරීන් වෙත පෙන්වා දුන් බවද ඔහු පවසයි.
එසේ තිබියදීත් ඊට විසඳුම් ලබා නොදී කුණු කන්ද නායයෑමේ සම්පූර්ණ වගකීම නාගරික කොමසාරිස්වරයා වෙත පැවරීම පිළිබඳ කොළඹ මහ නගර සභාවේ සමස්ත කාර්යය මණ්ඩලය විරෝධය පල කරන බව ඩබ්ලිව්.ඒ.කරුණාදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS