ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාතර ප්‍රධාන ජන...
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාතර ප්‍රධාන ජන රැළියේදීය.
එම රැළිය පැවැත්වුණේ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනතා නියෝජිතයන්, කලාකරුවන් සහ මෙවර එම ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් මෙන්ම ජනතාව ද සහභාගී වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
" මහින්ද මහත්තයා මේ මැතිවරණයට එන්නේ අරමුණු දෙකක් ඇතිව කිව්වා. එකක් ඡන්දයෙන් පස්සේ අගමැති වීම. එන් එක රට බෙදන එක වලක්වන්න. මේ දෙකම බොරු. මේ ඡන්ද ව්‍යාපාරය අවසන් වෙනවිට රාජපක්ෂ කඳවුර බොරු පිඹලා තියෙන්නේ. මේ අගමැති ඡන්දයක් නෙවෙයි. මේ ඡන්දයෙන් තෝරන්නේ ප්‍රාදේශීය සභා සභාපතිවරු. ඇයි මේ අගමැති කතා කියන්නේ. මේ ප්‍රාදේශීය සභා සියල්ල පාලනය කළේ මහින්ද මහත්තයාලා. අපරාධ, දූෂණ කළා. ඒ නිසා අපිට ප්‍රාදේශීය සභා දෙන්න කියලා කියන්න බැහැ. ඒ නිසා ප්‍රාදේශීය සභා ඡන්දය දෙන්න අගමැති වෙන්නම් කියනවා. පව් කියලා හිතෙනවා.
මිහින්ලංකා ආයතනය මහින්ද මහත්තයා ඉන්න කාලේ ප්‍රංශයෙන් ගුවන් යානා හතරක් ගෙන්න ගිවිසුම් අත්සන් කළා. එක ගුවන්යානයක් VVIP කාමරයක් තියෙන ගුවන්යානයක්. තරු හතේ හෝටලයක් වගේ. මේ ආණ්ඩුව ඇවිල්ලා ගුවන්යානා 04 ගිවිසුම අවසන් කළා. ඒකට රුපියල් කොටි 1800ක් ගියා. හෙජින් ගිවිසුමේ පාඩුව කෝටි 1020යි. ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපතිවරු 3 දෙනාට එරෙහිව අල්ලස් කොමිසම නඩු දාලා තියෙනවා රුපියල් කෝටි 1140ක් ආණ්ඩුවට ලැබෙන්න තිබුණු ආදායම අවන්ගාඩ් එකට හැරෙව්වා කියලා. මං ළඟ තියෙනවා ශිරන්ති රාජපක්ෂ පැරිස්වලට වෙසක් බලන්න ගිය වියදම, රෑ දෙකක් හෝටලේ වියදම ලක්ෂ 161යි. මහජනයාගේ ධනය. ඒ දවස් දෙකට වාහන කුලිය ලක්ෂ 75යි. ටිකට් වියදම හත්ලක්ෂ හැටඅට දාහයි. අනෙක් වියදම් පන්ලක්ෂ හතලිස් තුන්දාහයි. මුළු වියදම් දෙකෝටි පනස්ලක්ෂ අසූදාහයි. අපි ජනතාවගෙන් අහනවා ජනතාවගේ මුදල් නාස්ති කිරීම අනුමත කරනවාද. ඒ නිසා පාලකයන් මේ බලයෙන් ජොලි කරනවා. ඒක වෙනස් කරන්න තමුන්වහන්සේලා තීරණයක් ගන්න. "
සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වමින්,
" කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විවේචනය කරලා වචන දහයක් පාර්ලිමේන්තුවේ කතා කරනවා අහලා තියෙනවාද. දැන් වේදිකාවේ මැරෙන්න කෑගහනවා. රනිල්ට බයයි, වචනයක් කියන්නේ නැහැ. ඇයි ඒ? මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉන්න කාලේ කිව්වා එයාගේ මන්ත්‍රීවරුන්ගේ ෆයිල් තියෙනවා කියලා. ඒවගේම මහින්ද රාජපක්ෂයේ ෆයිල් සියල්ල, නිකන් ෆයිල් නෙවෙයි FCID එකේ පරීක්ෂණ කරලා, නීතිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලා නඩු දාන මට්ටමේ ෆයිල් රනිල් ළඟ තියෙනවා. නමුත් මුකුත් කරන්නේ නැහැ. තජුදින් ඝාතනයේ ෆයිල්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ෆයිල්, ශ්‍රී ලන්කන් එකෙන් ගහපුවා, හම්බන්තොට වරායෙන් ගහපුවා, අධිවේගී මාර්ගවලින් ගහපුවා තියෙනවා මේ සියල්ල තියෙනවා. මොනවාද නැත්තේ. ඒ ලැයිස්තුව නිසා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා අයවැය දවසට පාර්ලිමේන්තුව පැත්තට එන්නේ නැහැ. බයයි. රනිල් මහින්දට විරුද්ධව මුකුත් කරන්නේ නැහැ, මහින්ද රනිල්ට විරුද්ධව මුකුත් කරන්නෙත් නැහැ. දෙන්නට දෙන්නා ආරක්ෂා කරනවා."
කැළුම් ජයවීර - මාතර
COMMENTS