සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම් සමූහයේ සමාගමක් වන Ceylon Hotels Maldives (Pvt) Ltd සමාගම Zhen Hua Engineering Company Limited සමඟ ...
සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම් සමූහයේ සමාගමක් වන Ceylon Hotels Maldives (Pvt) Ltd සමාගම Zhen Hua Engineering Company Limited සමඟ 50:50 බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ගිවිසුමට අනුව මාලදිවයිනේ Vaavu Atoll හි Ambara දිවයිනේ කාමර 85-100 කින් සමන්විත නිකේතනයක් ඉදිකිරීමට නියමිතය. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආයෝජනයකි.
Zhen Hua Engineering Company Limited සමාගම China harbour Engineering Company Limited සමාගම් සමූහයට අයත් වන්නකි.
වර්තමානයේ දී කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියෙහි සංවර්ධන කටයුතු දියත් කර ඇත්තේ China harbour Engineering Company Limited විසිනි.
Ceylon Hotels Maldives (Pvt) Ltd සමාගම United Hotels Co Ltd සමාගමෙහි පූර්ණ අනුබද්ධ සමාගමකි. United Hotels Co Ltd හි 67% ක කොටස් හිමිකාරීත්වය, සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සතුවේ.
COMMENTS